කොළඹ කොටුව සිට නානුඔය බලා ධාවනය වෙමින් තිබූ අංක 1123 ටිකිරි මැණිකේ ශීඝ්රගාමී දුම්රියේ පසු පස දුම්රිය එන්ජිම අද (19දා) පස්වරුවේ උඩරට දුම්රිය මාර්ගයේ පිළිමතලාව පේරාදෙණිය හන්දිය දුම්රිය ස්ථාන අතර දුම්රිය මාර්ගයේ දී දුම්රියෙන් ගැලවී වෙන්වී ගොස් සිදුවීමට ගිය විශාල අනතුරක් අනූනවයෙන් වැළකී ගිය බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි .
එස්.12 වර්ගයේ බලවේග දුම්රිය එන්ජින් දෙකකින් සම්න්විත මෙම ටිකිරි මැණිකේ ශීඝ්රගාමී දුම්රිය කොළඹ කොටුව සිට දහවල් 12.40 ට පමණ පිටත් වී වේගයෙන් ධාවනය වෙමින් තිබියදී එක්වරම පසුපස එන්ජිම දුම්රියෙන් ගැලවී වෙන්වී ගොස් ඇති අතර ඒ වනවිටත් පසුපස එන්ජිම නොමැතිව දුම්රිය ඉදිරියට ධාවනය වෙමින් තිබියදී දුම්රියේ ගමන් ගත් මගියකු දුම්රියේ හදිසි දම්වැල ඇදීමත් සමග දුම්රිය අඩි 30ක් පමණ ඉදිරියට ධාවනය වී දුම්රිය රියදුරු විසින් නවතා ගෙන ඇති බවත් දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේය .
පසුව දුම්රියෙන් ගැලවී වෙන්වූ පසු පස දුම්රිය එන්ජිම යළි නවතා තිබූ දුම්රිය අසලට ඇවිත් නතර වී තිබේ.
අනතුරුව එම දුම්රිය එන්ජිම යළි ඉතාමත් අපහසුවෙන් දුම්රියට සවිකර දුම්රිය මගීන් සමග මහනුවර දුම්රිය ස්ථානයට රැගෙන විත් අලුත් වැඩියා කටයුතු සිදු කෙරෙමින් පවතින බවත් දුම්රිය දෙපාර්තමේන්තුව වැඩි දුරටත් පැවසීය .
ඇල්ල ප්රසාද් රුක්මාල්
