උතුරු නැගෙනහිර දෙමළ ජනතාවගේ මූලික අවශ්‍යතාවයක් වූ බලය බෙදීමේ කාර්ය වෙනුවෙන් සිය ප්‍රතිපත්ති පිළිගන්නා ජනාධිපති අපෙක්ෂකයාට සිය පක්ෂයේ සහය ලබාදීමට සලකා බැලිය හැකි බවට දෙමළ ජාතික සන්ධානයේ මාධ්‍ය ප්‍රකාශක පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ සුමන්තිරන් මහතා පවසා සිටියේය.
මන්ත්‍රීවරය මේ බවසා සිටයේ ඊයේ (11)සවස වවුනියාව ඉලංගෙයි තමිල් අරුසකච්චි පක්ෂ කාර්යාලයේදී එම පක්ෂයේ මධ්‍යම කාරක සභාව රැස්වීමෙන් අනතුරුව මාධ්‍යට අදහස් දක්වමිනි.
"අපි අද පක්ෂයේ මධ්‍යම කාරක සභාව වෙනුවෙන් රැස්වුනා. එහිදී අපි ප්‍රධාන කාරනා දෙකක් සකච්ඡා කරා එකක් තමයි අපේ පක්ෂයට එරෙහිව ත්‍රීකුණාමලය දිස අධිකරණයේ පැවත්වෙන නඩුව සම්බන්ධයෙන්.
අනිත් කාරණව තමයි මෙවර ජනාධිපතිවරණයේදී අපි කාටද සහය දක්වන්නේ කියන කාරණව ගැන. මේ වෙනකොට දෙමළ දේශපාලන පක්ෂ කිහිපයකින් අරියනේද්‍රන් මහතා පොදු අපෙක්ෂකය වශයෙන් ඉදිරිපත් කරලා තියෙනව. අපි ඒ ගැනත් සකච්ඡා කලා.
නමුත් දෙමළ ජනතාවගේ ප්‍රධානතම දෙමළ දේශපාලන පක්ෂය වන ඉලංගෙයි තමිල් අරුසකච්චි පක්ෂය වන අපේ පක්ෂය විසින් එකතුවෙලා තියෙන උතුරු නැගෙනහිර පලාතේ බලය බෙදාහරින්න ඔින කියන එක තමයි අපි නිතරම කියලා තියෙන්නේ.
මේක අපි අද හැම ජනාධිපති අපෙක්ෂකයෙකුටද දැනුම් දෙනවා.ඊට පස්සේ අපි ඒ අයගේ පිළිතුරු මොනාද කියල බලන් ඉන්නවා. ඒ වගගේම අපි දැන් ප්‍රධාන ජනාධිපති අපේක්ෂකියන් තුන් දෙනත් සමග සාකච්ඡා කරලා තියෙන්නේ. අපි ඒ අයට මේ ගැන කියලා තියනවා.
ඉතිං අපි අපේ ස්ථාවරය කියලා තියෙන්නේ. අපේ ස්ථාවරයට කව්රු හරි ඒකඟ වෙනවනම් ඒ කෙනාට අපි සහය දෙන ක්‍රියාවලියට සලකා බලන්න සූදානම්.
ඒ වගේම පොදු අපෙක්ෂකයා වශයෙන් ඉදිරිපත් වෙලා ඉන්න අරියනේන්ද්‍රන් මහතා අපට නොකියා ඉදිරිපත් වීම ගැන ඒතුමන්ගෙනුත් පැහැදිලි කිරීමක් බලාපොරොත්තු වෙනවා ඒ සඳහා අපි සතියක කාලයක් එතුමට ලබාදෙනවා."