එක රටක් එක නීතියක් සඳහා වූ ජනපති කර්ය සාධක බළකායේ සභාපති ලෙස පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් පත්කිරීමට එරෙහිව අධිකරණ අමාත්‍ය අලි සබ්රි මහතා සිය ධුරයෙන් ඉල්ලා අස්වන බවට පළවන වාර්තා අසත්‍ය බව ඔහුගේ මාධ්‍ය ඒකක පවසයි.
කෙසේ වෙතත් ඒ සම්බන්ධයෙන් මාධ්‍ය නිවේදනයක් දැන්ම නිකුත් නොකරන බවද එම ඒකකය සඳහන් කළේය.
අමාත්‍යවරයා ඉල්ලා අස්වෙන බවට පළවන වාර්තා සම්පූර්ණයෙන් අසත්‍ය බව එම ඒකකය වැඩිදුරටත් පැවැසීය.