කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාල පනත හකුලා ගන්නා ලෙස බලකරමින් පාර්ලිමේන්තු වටරවුමේ පැවති උද්ඝෝෂණයේදී අයුතු ජනරාසියක සාමාජිකයින් වී ,නිරෝධායන නීති උල්ලංඝනය කළ බවට චෝදනා ලැබ සිටි ලංකා ගුරු සංගමය ලේකම් ජෝෂප් ස්ටාලින්, රැකියා විරහිත උපාධිධාරී සංගමයේ තැන්නේ ඤාණානන්ද හිමි, අන්තර් විශ්වවිද්‍යාල බල මණ්ඩලයේ කැඳවුම්කරු ඇතුළු 34 දෙනෙකු කොළඹ මහේස්ත්‍රාත් මංජුල රත්නායක මහතා සියළු චෝදනාවලින් අද (06) නිදහස් කළේය.
වසර 04කට පෙර සිදුවු මෙම සිද්ධියට අදාළ සාක්ෂි විභාග කිරීමට හෝ නඩුව පවත්වාගෙන යන්නේද? යන්න පිළිබඳව වැලිකඩ පොලිසිය නිසි ස්ථාවරයක් ඉදිරිපත් නොකිරීම යන්න පිළිබඳ සළකා බැලීමෙන් අනතුරුව සැකකරුවනන් සිය`ථදෙනා චෝදනාවලින් නිදහස් කිරීමට මහෙස්ත්‍රාත්වරයා තීරණය කළේය.
ඊයේ මෙම පැමිණිල්ල කැඳවූ අවස්ථාවේදී පැමිණිල්ලේ පළමු සාක්ෂි කරුගේ සාක්ෂි විභාග කිරීමට නියමිතව තිබිණි.පැමිණිල්ල ඒ සම්බන්ධයෙන් නිසි ක්‍රියාමාර්ග නොගැනීම හා මීට පෙර පැමිණිල්ල කැඳවූ අවස්ථා කීපයේදී මෙම පැමිණිල්ල පවරා පවත්වාගෙන යන්නේ ද ?පිළිබඳව පොලිසිය මගින් නිසි ස්ථාවරයක් ඉදිරිපත් නොකිරීම යන කරුණු සලකා බැලීමෙන් පසුව සැකකරුවන් නිදහස් කිරීමට මහේස්ත්‍රාත්වරයා නියෝග කර ඇත.
2021 වසරේ ජූනි මස 08 වනදා කොතලාවල ආරක්ෂක විද්‍යාල පනත හකුලා ගන්නා ලෙස බල කරමින් පාර්ලිමේන්තු පොල්දුව මංසන්දියේ පැවති උද්ඝෝෂණයේදී නිරෝධායන පනත යටතේ ස්ටාලින් ඇතුළු සැකකරුවන්ට වැලිකඩ පොලිසිය මගින් මෙම නඩුව පවරා තිබිණි.
පැමිණිල්ලේ පළමු සාක්කිකරුගේ සාක්ෂිය විමසීමට ඊයේ නියමිතව තිබු අතර නඩුව කැඳවනු ලැබු අවස්ථාවේදී නඩුවේ විත්තිකරුවන් වශයෙන් නම් කර සිටි ලංකා ගුරු සංගමය ලේකම් ජෝෂප් ස්ටාලින්, රැකියා විරහිත උපාධිධාරී සංගමයේ තැන්නේ ඤාණානන්ද හිමි, අන්තර් විශ්වවිද්‍යාල බල මණ්ඩලයේ කැඳවුම්කරු ඇතුළු 34 දෙනා අධිකරණයේ පෙනී සිටියහ.
පැමිණිල්ලේ පළමු සාක්කිකරුගේ සාක්ෂි විභාග කිරීමට නියමිතව තිබුණත් පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටටි වැලිකඩ පොලිසිය ඒ සම්බන්ධයෙන් නිසි ක්‍රියාමාර්ග නොගැනීම හා මෙම පැමිණිල්ල පවත්වාගෙන යන්නේද? පිළිබඳව නිසි ස්ථාවරයක් ඉදිරිපත් නොකළේය.
සැකකරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥ රජික කොඩිතුවක්කු මහතා කරුණු දක්වමින් මේ තත්වය යටතේ තම සේවාදායකයින් සියළු දෙනා නිදහස් කරන්නැයි ඉල්ලා සිටියේය. කරුණු සළකා බැලු මහේස්ත්‍රාත්වරයා සියළු සැකකරුවන් නිදහස් කළේය. සැකකරුවන් වෙනුවෙන් නීතිඥ රජික කොඩිතුවක්කු මහතා පෙනී සිටියේය.
සචිත්ර ගුණසේකර