මහරගම පමුණුව ප්රදේශයට රෙදිපිළි මිලදී ගැනීම සඳහා දෛනිකව පැමිණෙන ජනතාවගේ හස්ත සංඥා අනුව පලාඵල කීමට පුරුදුව සිටි ජෝතිර්වේදියෙකු ඊයේ (06) දා මහරගම දුම්රිය ස්ථානය අසලදී දුම්රියේ ගැටේ ජීවිතක්ෂයට පත්ව ඇතැයි මහරගම පොලිසිය පවසයි.
මෙසේ මියගොස් ඇත්තේ බලංගොඩ රාස්සගල හැරමිටිගල පාරේ පදිංචි මහා වීර වික්රමාරච්චිගේ චන්ද්රපාල නමැති හෝකන්දර ප්රදේශයේ තාවකාලිකව පදිංචිව සිටි (75) හැවිරිදි ජෝතිර්වේදියකු බව පොලිසිය කියයි.
මෙම පුද්ගලයා වසර ගණනාවක සිට මහරගම පමුණුව ප්රදේශයේ රැඳී සිටිමින් එමේ ප්රදේශයට දෛනිකව රෙදිපිළි මිලදී ගැනීම සඳහා පැමිණෙන ජනතාවගේ හස්ත සංඥා අනුව පලාපල කීමටත් යන්ත්ර මන්ත්ර ගුරුකම් කරදීමටත් පුරුදුව සිටි පුද්ගලයෙකු පුද්ගලයෙකු බව පැවසේ.
ඒ අනුව මෙම පුද්ගලයා සුපුරුදු පරිදි (06) දා උදෑසන මහරගම නගරයට පැමිණ හයිලේවල් මාර්ගය දෙස සිට පමුණුව දෙසට යමින් සිටියදී උදෑසන 9.55 පමණ අවිස්සාවේල්ල දෙස සිට කොළඹ දෙසට ධාවනය වෙමින් තිබූ අංක 9254
දරන මන්දගාමී දුම්රිය මහරගම දුම්රිය ස්ථානයට පැමිණ දුම්රිය ස්ථානයේ තිබූ භාණ්ඩ තොගයක් දුම්රියට පටවා යළි 9.57 ගමන් අරඹනවාත් සමගම මෙසේ දුම්රියේ ගැටී අනතුරක් සිදුව තිබුණි.
පසුව සිද්ධිය වූ ස්ථානයට පොලිසිය පැමිණ පරීක්ෂණ ආරම්භ කිරීමෙන් පසුව මහරගම හදිසි මරණ පරීක්ෂක සාම විනිසුරු ඩග්ලස් රූපසිරි මහතා පැමිණ ස්ථානීය පරීක්ෂණයක් සිදුකොට පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා දේහය කළුබෝවිල ශික්ෂණ රෝහලට රැගෙන යන ලෙසට පොලිසියට නියෝග කළේය.
ඒ අනුව මෘත දේහය පිළිබඳ පශ්චාත් මරණ පරීක්ෂණය (07) දා කළුබෝවිල ශික්ෂණ රෝහලේදී සිදුකිරීමට නියමිත අතර ඒ සදහා අනතුරට ලක් වූ දුම්රියේ රියදුරු කැඳවන ලෙසට ද හදිසි මරණ පරීක්ෂකවරයා පොලිසියට නියෝග කර තිබේ.
සිද්ධිය සම්බන්ධයෙන් මහරගම පොලිසිය පරීක්ෂණ පවත්වති.
මත්තේගොඩ ශාන්ත ප්රදීප් කුමාර කුලරත්න
අනතුර සිදු වූ ස්ථානයේ ස්ථානීය පරීක්ෂණයට හදිසි මරණ පරීක්ෂකවරයා පැමිණ සිටි අයුරු සහ මියගිය ජෝතිර් වේදියාගේ ඡායාරූපයක්.