මැයි 9දා කොළඹ ගෝල්ෆේස් පිටියේ හා අරලිය ගහ මන්දිරය අසළ සිදුවූ ප්‍රචණ්ඩකාරී තත්ත්වයන්ට අදාළව හිටපු අමාත්‍ය හා පාර්ලිමේන්තු මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා වහා අත්අඩංගුවට ගන්නැයි කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිලිණ ගමගේ මහතා වරෙන්තුවක් නිකුත් කළේය.
අධිකරණය මඟහැර සිටිම සහ නියමිත ස්ථානවල රැඳී නොසිටීම සම්බන්ධයෙන් නීතිපතිවරයා අධිකරණයට ඉදිරිපත් කළ කරුණු සැලකිල්ලට ගනිමින් එම නියෝගය කළේය.
තමාව අත්අඩංගුවට ගැනීම වළක්වමින් නියෝගයක් ඉල්ලමින් ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා මේ වන විට අභියාචනාධිකරණයට රීට් පෙත්සමක් ගොනු කර තිබේ.