ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ක්‍රියාත්මක කරන විස්තීර්ණ ණය පහසුකමට අදාළව ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් වන සිව්වන උපදේශනය හා දෙවැනි සමාලෝනය ජූනි 12 දිනට යෙදී තිබෙන අයි.එම්.එෆ්. කාර්ය මණ්ඩල රැස්වීම් න්‍යාය පත්‍රයට ඇතුළත් කර තිබේ.
මේ පිළිබඳව සිය එක්ස් ගිණුමේ සටහක් තබමින් මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා පවසන්නේ රටේ ආර්ථික ස්ථාවරත්වය, වර්ධනය සහ ප්‍රතිසංස්කරණ ප්රයත්නයන් තවදුරටත් ඉහළ නංවන තුන්වන වාරිකය මුදාහැරීම සඳහා සාර්ථක සමාලෝචනයකට සියලුම රටවල අඛණ්ඩ සහයෝගය ශ්‍රී ලංකාව බලාපොරොත්තු වන බවයි.