2024 වසරේ ජුලි මස ජනපතිවරණයක් පැවැත්වූයේ නම් ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා හා සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා අතර කරට කර තරගයක් පවතින බව සෞඛ්‍ය ප්‍රතිපත්ති ආයතනය නිකුත් කළ නවතම සමීක්ෂණයක දැක්වෙයි.
ඒ අනුව ඔවුන් ලබාගෙන ඇති නියදිය අනුව අනුර කුමාර දිසානායක මහතාට සියයට 37ක් හා සජිත් ප්‍රේමදාස මහතාට සියයට 36ක් ලැබී තිබේ.
මෙහි ඇති විශේෂතවය වන්නේ ජනපති රනිල් වික්‍රමසිංහ මහතා වෙනුවෙන් පවතින ජනතා කැමැත්තද ඉහල ගොස් ඇති අතර එය සියයට 23ක් දක්වා වර්ධනය වී තිබේ.