වෑ මැඩිල්ල ජලාශය හරහා වයඹ ප්‍රදේශයට ජලය රැගෙන යෑම සඳහා අභිනවයෙන් ඉදිකරන ලද කොන්ක්‍රීට් සහිත වේල්ලකින් දිය නෑම සඳහා ගොස් දියේ ගසාගෙන යමින් සිටි දියණියකගේ සහ පියකුගේ ජීවිතය බේරා ගැනීමට මාධ්‍යවේදී කාංචන කුමාර ආරියදාස මහතාට පසුගියදා හැකි විය
මෙසේ ජල පහරට ගසාගෙන යද්දී දිවි බේරා ගනු ලැබුවේ ගලේවෙල වලස්වැව ප්‍රදේශයේ පදිංචි තොලඹුගොල්ල විද්‍යාලයේ හයවැනි වසරේ ඉගෙනුම ලබන හිරුශි කෞවශල්යා දියණිය සහ ඇයගේ පියා වූ රසික ගයාන් යන දෙදෙනාය.
කාංචන කුමාර ආරියදාස මහතා ඔහුගේ මිතුරන් තිදෙනෙකු සමග මෝටර් රථයෙන් ඇළ මාර්ගය මතින් ඇති මාර්ගයේ ගමන් කරමින් සිටියදී එකවරම මෙම දියණිය ජල පහරට ගසාගෙන යන අයුරු දැකීමත් සමග මෝටර් රථය නවතා ඇඳගෙන සිටි ඇඳුම් පිටින්ම ඇල මාර්ගයට පැන පිහිනා ගොස් එම දියණියගේ ජීවිතය බේරාගෙන ගොඩ ගන්නවත් සමඟ දියණියගේ කෑගැසිල්ලත් සමඟින් ඇයගේ ජීවිතය බේරා ගැනීමට ගිය පියාද ජලයේ ගසාගෙන යන බව දියණියගේ දැනුම් දීමත් සමඟ එම පියාගේ ද ජීවිතය බේරා ගැනීමට හැකි විය.