විදුලිසැර වැදීමකට ලක්වීමේ දැඩි අවධානමකට ලක්ව ඇති තවත් දළ ඇතකු සම්බන්ධයෙන් මහඉලුප්පල්ලම ප්රෙද්ශයේන් වාර්ථාවේ.
හොදින් වැඩුනු දළ යුගලයක් සහිත මෙම දළ ඇතා මහ ඉලුප්පල්ලම හා ඒ අවට ගම්මානවල නිවාස ගෙවතු හා ගොවිබිම් ආශ්‍රිතව මේ දිනවල නිරන්තරයෙන් රාත්‍රී කාලයේ සැරිසරණ බව එම ප්‍රෙද්ශවාසීහු පවසති.
මහඉලුප්පල්ලම ඇතුලු අවට ප්‍රෙද්ශවලට මේ දිනවල පවතින උග්‍ර වන අලි තර්ජනය හේතුකොට ගෙන සිය වගාවන් හා ජිවිත වන අලින්ගෙන් ආරක්ෂාකර ගැනීම වෙනුවෙන් ප්‍රෙද්ශවාසීන් ඉදිකර ඇති පුද්ගලික විදුලි වැටවල් ද බහුල වශයෙන් එම ප්‍රෙද්ශයේ දක්නට ලැබේ.
මෙම ඇතා ඇතුළු වන අලි රංචු මේ දිනවල රාත්‍රී කාලයේ එම නිවාස ගෙවතු හා ගොවිබිම් වෙත කඩා පැනීම නිරන්තරයෙන් සිදු වෙන බව ගම්වාසීහු පවසති.
පුද්ගලික විදුලි වැටවල් බහුලව ඇති ප්‍රෙද්ශයක සැරිසරමින් සිටින මෙම ඇතා ද විදුලිසැර වැදීමකට ලක්විය හැකි වැඩි අවධානමක් පවතින බව ප්‍රෙද්ශයේ වනසත්ව ලෝලීහු පෙන්වා දෙති. පුද්ගලික විදුලි වැටවල් බහුල ප්‍රෙද්ශයක නිරන්තරයෙන් සැරිසරමින් ජීවිත අවධානමට ලක්ව සිටින එම දළ ඇතා ඊයෙ (03) රාත්‍රියේ ද මහඉලුප්පල්ලම ප්‍රෙද්ශයේ ගෙවත්තකට කඩා වැදී එම නිවස ආසන්නයේම සැරිසරණ අයුරු ද දක්නට ලැබේ.
ඊයේ (03)රාත්‍රියේ ගම් වැදුනු වන අලි රංචුවක් එම ප්‍රෙද්ශයේ ගෙවතු වටා ඉදිකර තිබූ පුද්ගලික විදුලි වැටවල් කිහිපයක් ද කඩාබිද දමා ඇති බව එම ප්‍රෙද්ශවාසීහු පවසති. එවැනි පසුබිමක් තුළ වන අලි රංචුව සමඟ ගම්වදිමින් පුද්ගලික විදුලි වැට බහුල ප්‍රෙද්ශයක සැරිසරමින් සිටින මෙම දළ ඇතා ද විදුලිසැර වැදීමකට හෝ වෙනත් අනතුරකට ලක්විමේ දැඩි අවධානමක් පවතින බව ද එම ප්‍රෙද්ශවාසීහු බලධාරීන් වෙත අවධාරණය කර සිටී.
ගෙවත්තක් වටා ඉදිකර තිබූ මෙවැනි පුද්ගලික විදුලි වැටකින් සිදුවූ විදුලි සැර වැදීමකින් ඉකුත්දා කලාවැව දීඝදන්තු 01 හස්ථීයා ද මිය ගොස් තිබිණ.
ගල්කිරියාගම කුෂාන් ජයවර්ධන