සාම විනිසුරුවරුන් සඳහා අධිකරණ අමාත්‍යාංශය මගින් හඳුන්වා දී ඇති "ජීවන සහතිකය'' නියමිත දිනට ඉදිරිපත් නොකරන සාම විනිසුරුවරුන්ගේ සාම විනිසුරු පදවිය එදිනෙන් අහෝසි වන බව අධිකරණ අමාත්‍යාංශය පවසයි.
අධිකරණ අමාත්‍යාංශය මගින් දිවයින පුරා සිටින සාම විනිසුරුවරුන් පිළිබඳ තොරතුරු නිවැරදිව යාවත්කාලීන කිරීම සඳහා ඔවුන් ජීවත්ව සිටීදැයි තහවුරු කරගැනීමට මෙම ජීවන සහතිකය හඳුන්වා දී තිබේ.
සාම විනිසුරුවරුන් පත්කිරීම සම්බන්ධයෙන් අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතා විසින් අති විශේෂ ගැසට් පත්‍රයක් මගින් නියම කර ඇති පරිදි දැනට සිටින සියලු සාම විනිසුරු පදවි ලාභීන් මෙම නියමය බල පැවැත්වෙන 2023.11.27 සිට වසරක් ඇතුළතදී හා ඉන් පසු සෑම වර්ෂ දෙකකට වරක් මාර්තු 31 දාට පෙර මෙම ජීවන සහතිකය නිසි පරිදි පුරවා තම වසමේ ග්‍රාම නිලධාරී සහ ප්‍රාදේශීය ලේකම්ගේ අත්සන් සහිතව අධිකරණ අමාත්‍යාංශයේ ලේකම් වෙත ඉදිරිපත් කල යුතුවේ.
එසේ නොවේනම් එම සහතිකය ඉදිරිපත් කිරීමට නියමිත අවසන් දිනයේ සිට අදාල සාම විනිසුරුවරයා සිය පදවියෙන් ඉල්ලා අස්වූවෙකුසේ සළකා එම පදවිය අහෝසි වෙන බව අධිකරණ අමාත්‍යාංශය සඳහන් කරයි.