අතිශයින් භයානක ආර්ථික ප්‍රථිපත්ති ක්‍රියාත්මක කිරීමට විරුද්ධව ජනතාව ආරක්ෂා කර ගැනිම වෙනුවෙන් ඉදිරි මැතිවරණ වේදිකාවක විපක්ෂයේ ප්‍රධාන පක්ෂය වන සමගි ජණබලවේගය සමග එකතුවන බව පාර්ලිමේන්තු මන්ත්‍රී ජි එල් පීරිස් මහතා පවසයි.
මන්ත්‍රීවරයා එසේ පැවැසුවේ ඊයේ (16) පෙරවරුවේ ගැඨඹේ රාජෝපවනාරාම විහාරාධිපති රාමාඤ්ඥ මාහා නිඛායේ අනු නායක කැප්පටියාගොඩ සිරිවිමල හිමියන් බැහැදැකිමට පැමිනි අවස්ථාවේදිය.
රජය යැපෙන්න යන්නෙ ජනතාවගේ බදු මුදලින් බවත් ජනතාවට අධික බදු බර නිසා යැපෙන්න තියා ජිවත් විමේ ගැටලුවක් ඇතිවි ඇති බව පැවසුහ.
සියලු දෙනා මහජනාතාව සූරාකන බවද නාහිමියන් මන්ත්‍රිවරයා හමුවේ පැවසුහ.
නැතිබැරි මිනිහගෙන් පුලුවන් තරම් බදු අරගෙන ඇති බවත් තියන ධන කුවේරයන්ට අත තබා නැති බවත් එය කිසිවිටක ජාත්‍යන්තර මුල්‍ය අරමුදලට ආරෝපනය කරන්නට පුලුවන් කමක් නැති බව ජි එල් පිරිස් මහතා පැවසු අතර සමහර ධන කුවේරයන්ගේ ආයතන සඳහා බදුවිරාම ලබා දි ඇති බවද මන්ත්‍රිවරයා පැවසිය.
සියලුම ඇමතිවරුන් ජනාධිපතිවරයාගේ ඉත්තන් බවට පත් වි ඇති බවත් සියල්ල ජනාධිපතිවරයා විසින් පාලනය කරනු ලබන බව පැවසු මන්ත්‍රිවරයා ජනතාවරමකින් පත්වු ජනාධිපතිවරයෙකුට මේසා බලයක් නොතිබු බවද පැවැසිය.
චන්ද්‍රකා, මහින්ද හා ගෝඨාභය යන ජනපතිවරුන් විශාල ජනතා ඡන්දයක් ලබාගත්තද කිසිදු ජනාධිපතිවරයෙක් පළාත් සභා 9 මත් පළාත් පාලන ආයතන 330 ක් තමාගේ ග්රහනයට තබා ගැනිමට කිසිවිටක් උත්සහ නොගත් බවද ජි එල් පිරිස් මහතා පැවැසිය.