උගුරේ සිට ආමාශය දක්වා පවතින රෝග හඳුනා ගැනීමට හා ප්‍රතිකාර කිරීමට (එන්ඩස්කොපි පරීක්ෂණ) කොළඹ ජාතික රෝහල තුළ තිබෙන යන්ත්‍ර 10 න් අටක්ම මේ වන විට ක්‍රියා විරහිත වී තිබෙන බව සමස්ත ලංකා හෙද සංගමය සඳහන් කරයි.
කොළඹ ජාතික රෝහලට අවට රෝහල්වල සිට පැමිණෙන රෝගීන්ගේ පරික්ෂණ කටයුතුද මෙම යන්ත්‍ර යොදා ගනිමින් සිදුකරන බවත්, මීට අදාළ පරීක්ෂණ කටයුතු සිදුකිරීම සඳහා පොරොත්තු ලේඛන ගතව සිටීමට රෝගීන්ට සිදුව තිබෙන බවත් එම සංගමයේ සභාපති හෙද නිලධාරී එස්. බී. මැදිවත්ත මහතා සඳහන් කළේය.
උගුරේ සිට ආමාශය දක්වා ඇතිවන තුවාල තත්වයන් , පිළිකා තත්වයන් හා විවිධ ගෙඩි වර්ග හඳුනා ගැනීම, රෝග පරීක්ෂාවට අවශ්‍ය නිදර්ශක ලබා ගැනීම හා යම් යම් රෝග තත්වයන්ට ප්‍රතිකාර කිරිමට මෙම යන්ත්‍රවලට හැකියාව තිබෙන බවද හෙතෙම පැවසීය.
ප්‍රධාන රෝහල් මූලික කර ගනිමින් පමණක් මෙම යන්ත්‍ර පවතින බවත්, කොළඹ ජාතික රෝහලට විශාල රෝගීන් ප්‍රමාණයක් මෙම පරීක්ෂණ කටයුතු සඳහා පැමිණෙන බවත්, මේ නිසා රෝහල තුළ ක්‍රියා විරහිත වී තිබෙන යන්ත්‍ර ඉවත් කර අලුත් යන්ත්‍ර ලබා දෙන ලෙසට බලධාරීන්ගෙන් ඉල්ලා සිටින බවත් ඒ මහතා සඳහන් කළේය .