ජාතික ජනබලවේගයේ ජනාධිපතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශය අද (26දා) එළිදැක්වීමට නියමිතය. මොනාක් ඉම්පීරියල් හෝටලයේදී එම ප්‍රතිපත්ති ප්‍රකාශය එළිදැක්වීමට නියමිතව ඇත.
සෑම ක්ෂේත්රයක්ම ආවරණය වන පරිදි මෙම ප්‍රතිපත්ති ප්‍රකාශය සකස් කර ඇති අතර, එහිදී මෙරට ආර්ථිකය ගොඩනැගීම වෙනුවෙන් වැඩි ඉඩක් වෙන් කර ඇති බව වාර්තා වේ.
ආර්ථික, සෞඛ්‍ය, අධ්‍යාපන, විදේශ, කලා හා සංස්කෘතික, විද්‍යා හා තාක්ෂණ, පර්යේෂණ හා සංවර්ධන යන ප්‍රධාන අංශ සහ තවත් අංශ ඇතුළත් කරමින් මෙම ප්‍රතිපත්ති ප්‍රකාශය සකස් කර ඇත.