නිමා වූ 2024 පාර්ලිමේන්තු මහා මැතිවරණයමෙරට මැතිවරණ ඉතිහාසයේනවවාර්තා 09 ක් තබා තිබෙන බවමධ්‍යම පළාත් හිටපු ආණ්ඩුකාරරංජිත් කීර්ති තෙන්නකෝන් මහතා කියයි.
දේශපාලන විශ්ලේෂකයකු වන ඒ මහතා හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදේශකවරයකු වශයෙන්ද කලක් කටයුතු කළේය.
ඒ මහතා පෙන්වා දෙන ආකාරයට එම වාර්තා මෙසේයි.
- මහා මැතිවරණයක පක්ෂයක් ලබාගත් වැඩිම ප්‍රතිශතය61.56% (මීට පෙර 2010 දීඑක්සත් ජනතා නිදහස් සන්ධානය 60.33%)
- මහා මාතිවරණයක ලබාගත් වැඩිම ඡන්ද කොට්ඨාශ ගණන 152යි. (මීට පෙර 2010 දී එක්සත් ජනතා නිදහස් සන්ධානය කොට්ඨාස 136 යි)
- මහා මැතිවරණයක ජයග්‍රහණය කළ වැඩිම දිස්ත්‍රික්ක ගණන 21යි. මීට පෙර 2010 දී එක්සත් ජනතා නිදහස් සන්ධානය දිස්ත්‍රික්ක 19යි)
- මහා මැතිවරණයක ලබාගත් වැඩිම ඡන්ද සංඛ්‍යාව686,3186 (මීට පෙර 2020 දී පොදු ජන පෙරමුණ ඡන්ද 685,3960)
- දිස්ත්‍රික් මට්ටමින් දිනා ගත් වැඩිම ආසන සංඛ්‍යාව 141යි. (මීට පෙර 2020දී පොදු ජන පෙරමුණ ආසන 128 යි)
- මහා මැතිවරණයක වැඩිම ජාතික ලැයිස්තු ආසන 18යි (මීට පෙර 2020 දී පොදු ජන පෙරමුණ 17යි)
- මහා මැතිවරණයක ජයග්‍රහණය කළ වැඩිම ආසන159යි. (මීට පෙර 2020දී පොදු ජන පෙරමුණ ආසන 145)
- සමානුපාතික ක්‍රමය යටතේ පාර්ලිමේන්තුවේ ආසන 225න්2/3ක ආසන තනි පක්ෂයක් විසින් දිනාගත් පළමු අවස්ථාව
- මීට පෙර මැතිවරණයේ 3%කප්රතිශත මට්ටමේ සිට රටක ඉතිහාසයේ මෙතරම් වාර්තාවක් පිහිට වූ පළමු අවස්ථාව.