ඉදිරි මහ මැතිවරණයේදී තම පක්ෂය අනිවාර්යෙන්ම තරග කරන බවත් තරග කරන්නේ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සමඟ සන්ධානගතවද නැතිනම් තනියමද යන්න මෙතෙක් තීරණය කර නැතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී ඒ.එල්.එම්. අතාවුල්ලා මහතාගේ නායකත්වයෙන් යුත් ජාතික කොංග්‍රසයේ ජාතික සංවිධායක වෛද්‍ය වයි.එස්. මොහොමඩ් ෂියා මහතා පැවසීය.
කෙසේ වෙතත් ජාතික කොංග්‍රසය උතුරු නැගෙනහිර සහ මහනුවර කුරුණෑගල හා කොළඹ යන දිස්ත්‍රික්ක වලට තම අපේක්ෂකයන් ඉදිරිපත් කිරීමට නියමිත බවද ජාතික සංවිධායකවරයා කීහ .
කුමන හේතුවක් මත වුවද සමගි ජන බලවේගය සමඟ සන්ධාන ගතව මැතිවරණයට තරග කිරීමට තම පක්ෂයේ කිසිදු අදහසක් නැති බවද ජාතික සංවිධායකවරයා වැඩිදුරටත් අවධාරණය කළේය .