ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග පැවැති සාකච්ඡා සාර්ථක නමුත් මාණ්ඩලික මට්ටමේ එකඟතාවයට පැමිණීමට නම් ණය තිරසර භාවය පිලිබඳ සැලැස්මක් ඉදිරිපත් කළ යුතුව ඇතැයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේදී පැවැසීය.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග පැවැති සාකච්ඡා පිළිබඳව අදහස් දක්වමින් ඔහු ප්‍රකාශ කළේ බංකොලොත් රටක් ලෙස සාකච්ඡා කරන විට එම සාකච්ඡා තරමක් සංකීරණ බවයි.
"ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග පැවැත්වූ සාකච්ඡා සාර්ථක වුණා. ඉදිරි කටයුතු පිළිබද මාර්ග සිතියම සාර්ථකව ඉදිරියට තබන්න පුළුවන්. නමුත් බංකොලොත් රටක් ලෙස සාකච්ඡා කිරීමේදී සිදුවන සාකච්ඡා සංකීර්ණයි.
රට බංකොලොත් නිසා ණය තිරසාරභාවය පිළිබඳ සැලසුමක් ඉදිරිපත් කළ යුතුයි. ඉන් අනතුරුව තමයි මාණ්ඩලික මට්ටමේ එකඟතාවකට එන්න පුළුවන්."