2024 මැයි 18 වැනි දින කැනේඩියානු අගමැති ජස්ටින් ටෘඩෝ විසින් නිකුත් කරන ලද පණිවිඩයක ඇතුළත්වූ ශ්‍රී ලංකාව තුළ සිදුවූයේ යැයි කියන “ජන සංහාරය” පිළිබඳ අසත්‍ය චෝදනාව ප්‍රතික්ෂේප කරන බව විදේශ කටයුතු අමාත්‍යාංශය නිවේදනය කරයි.
ශ්‍රී ලංකා රජය මීට පෙර කරන ලද සියලුම සන්නිවේදනවලදී ජන සංහාරයක් පිළිබඳ එල්ලවන එම සාහසික චෝදනාව තරයේ ප්‍රතික්ෂේප කර ඇති බවත් කැනඩාවේ හෝ ලෝකයේ වෙනත් කවර ස්ථානයක හෝ කිසිදු නිසි බලධාරියෙකු ශ්‍රී ලංකාවේ ජන සංහාරයක් සිදුවී යැයි යන්න පිළිබඳ පරමාර්ථික තීරණයක් ගෙන නැති බවත් විදේශ කටයුතු අමාත්‍යාංශය නිවේදනය කරයි.
අග්‍රාමාත්‍ය ටෘඩෝ ඉදිරිපත් කරන, ශ්‍රී ලංකාව තුළ සිදුව ඇතැයි කියනු ලබන ජන සංහාරය පිළිබඳ මෙම ව්‍යාජ ආඛ්‍යානය අනුමත කිරීම මඟින් විදේශයන්හි වෙසෙන ශ්‍රී ලාංකික උරුමයක් සහිත වටිනා ප්‍රජාවක් වන ශ්‍රී ලාංකික සම්භවයක් ඇති කැනේඩියානුවන් අතර වාර්ගික සංහිඳියාව බොහෝ සෙයින් කඩාකප්පල් වන බවත් සාමයට ලැදි මෙම පුරවැසියන් බොහෝ දෙනෙකු ශ්‍රී ලංකාව සමඟ අර්ථකාරී ලෙස කටයුතු කර ඇති අතර ඔවුන්ගේ සහයෝගය පිළිගන්නා බවත් එම නිවේදනයේ දැක්වෙයි.