සෞඛ්‍ය ප්‍රතිපත්ති ආයතනය විසින් සිදුකරන ලද සමීක්ෂණයකට අනුව ශ්‍රී ලංකාවේ පිළිගත් දේශපාලන පක්ෂ කෙරෙහි ජනතාවගේ ඇති කැමැත්ත අඩුවී විකල්පයක් කෙරෙහි ජනතාවගේ කැමැත්ත ඉහළ යාමක් පෙන්නුම් කර තිබේ.
ඒ අනුව මහ මැතිවරණයක් පැවැත්වුවහොත් වෙනත් පක්ෂයන් සඳහා ඡන්දය ප්‍රකාශ කිරීමට කැමති පිරිම සියයට 7කින් වර්ධනය වී තිබේ. විකල්පයක් කෙරෙහි සියයට 28ක දායකත්වයක් පෙන්නුම් කරයි.
එසේම ජුනි මාසයේදී ජාතික ජනබලවේගයට හා සමගි ජන බලවේය වෙනුවෙන් අපේක්ෂිත ඡන්ද දායකයන් ගේ කැමැතිත පිළිවෙළින් සියයට 5කින් හා සියයට 4කින් පහළ බැස තිබේ. ඒ අනුව පක්ෂ දෙකකටම ජනතා කැමැත්ත සියයට 23ක අගයක පවතී.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට හා එක්සත් ජාතික පක්ෂයට සියයට 9ක කැමැත්තක් ප්‍රකාශ ව තිබේ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට සියයට 2ක කැමැත්තක් ප්‍රකාශ වි තිබේ.