සෞඛ්‍ය ප්‍රතිපත්ති ආයතනය සිදුකරනු ලබන මත සමීක්ෂණය අනුව ඡන්ද දායකයන් ඡන්දය භාවිත කිරීමේදී සියයට 30ක් කිසිම පක්ෂයක් සහාය නොදක්වන බවට ප්‍රකාශ කර තිබේ.
එය සියලුම පක්ෂ අතරින් වැඩිම ප්‍රතිශතයක් වීම කැපී පෙනෙයි. මේ අතර ජුලි මාසය වන විට ජුනි මාසයට සාපේක්ෂව ජාතික ජන බලවේගය අබිබවහින් සමගි ජන බලවෙගයට ජනතා කැමැත්ත වර්ධනය වී තිබේ.
ජාතික ජන බලවේගයට සියයට 23ක ජනතා කැමැත්තක් පවතින විට සමගි ජන බලවේගයට සියයට24 ජනතා කැමැත්තක් ඇතිව තිබේ. ශ්‍රි ලංකා පොදුජන පෙරමුණට සියයට 9ක්, එක්සත් ජාතික පක්ෂයට සියයට 8ක් හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට සියයට 3ක ජනතා කැමැත්තක් තිබේ.