රටේ පවතින වත්මන් කොරෝනා තත්ත්වය හේතු කොට ගෙන ජලය භාවිතා කරන පිරිස් එම ජලය ඉතා අරපිරිමැස්මෙන් යුතුව භාවිතා කරන ලෙස ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය නිවේදනයක් නිකුත් කරමින් ජනතාවගෙන් ඉල්ලිමක් කරයි.
වෛරස් තත්ත්වය හේතුවෙන් මාධ්‍ය ඔස්සේ අත් සේදිම වැනි සෞඛ්යාරක්ෂිත ක්‍රමවේද හඳුන්වා දෙන අවස්ථාවලිදිද බෝහෝ වේලාවක් ජල කරාම විවෘතව තබා නොගත යුතු බවටද අලුත් අවුරුදු උදාවන විට සාම්ප්‍රදායික සිරිත් විරිත් අනුව සේදිම් කටයුතු ,ගස්කොළ වලට වතුර දැමිම වැනි කාර්යයන් වලදි ඉතා අරපිරිමැස්මෙන් යුතුය ජලය භාවිතා කළ යුතු බැවින් ඊට විකල්ප ක්‍රමවේදයන් භාවිතා කරන ලෙසට ජල සම්ප්‍රදන මණ්ඩලය ජනතාවගෙන් ඉල්ලයි.
එසේම ජලය අරපිරිමැස්මෙන් යුතුව භාවිතා කර සැමට පානීය ජලය අඛණ්ඩව ලබාදෙන ජාතික මෙහෙවරට එක්වන ලෙසත් ජනතාවගෙන් කාරුණික ඔවුහු ඉල්ලා සිටියි.
ජල සම්පාදනය පිළිබදව සියලු තොරතුරු , හදිසි බිද වැටිම් , එසේම ජල බිල්පත් පිළිබඳව නවතම තොරතුරු , කෙටි පණිවිඩ ඔස්සේ ලබා ගැනිමට 0719399999 අංකයට ජල බිල්පතේ ගිණුම් අංකය SMS පණිවිඩයක් මගින් යොමු කොට ලියාපදිංචි විය හැකි බවත් ජල සම්ප්‍රදන මණ්ඩලය ජනතාවට දැනුම් දෙයි.