ඉදිරියේදී ඇති විය හැකි අයහපත් කාලගුණ තත්ත්වය නිසා ජල මූලාශ්‍ර 12 ක ගංවතුර තත්ත්වයක් ඇති විය හැකි හෙයින් ඒ පිළිබඳව අවධානය යොමු කර කටයුතු කරන ලෙස වාරිමාර්ග දෙපාර්තමේන්තුව ඉල්ලා සිටියි.
මේ මස 28 වැනි දින දක්වා අනතරු ඇඟවීම නිකුත් කර තිබෙන අතර අදාළ ජල මූලාශ්රවල, ගංවතුර නිම්නවල පදිංචි ජනතාව හා එම ප්‍රදේශ හරහා ගමන් කරන ජනතාව ඒ පිළිබඳව දැඩි අධානයෙන් පසුවන ලෙස එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
මල්වතු ඔය,කලා ඔය, කනගරායන් ආරු ද්‍රෝණිය, පරංගි ආරු ද්‍රෝණිය, මාඔය, යාන් ඔය, මහවැලි ගඟ,මාදුරු ඔය, මුන්දෙනිආරු, ගල් ඔය, හැඩ ඔය හා විල ඔය යන ජල මූලාශ්‍ර සඳහා මෙම අනතුරු ඇඟවීම සිදුකර තිබේ.
බෙංගාල බොක්ක ප්‍රදේශයේ වර්ධනය වෙමින් තිබෙන අඩු පීඩන කලාපය ඉදිරි දින කිහිපයේ වර්ධනය වී එහි බලපෑම් මගින් උතුර, උතුරුමැද සහ නැගෙනහිර පළාත්වලට අධික වර්ෂාපතනයක් ඇති විය හැකි බවට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් පුරෝකතනය කර තිබෙන බවද එම දෙපාර්තමේන්තුව පෙන්වා දෙයි.