තමන් ජයග්‍රහණය කිරීමෙන් පසුව මේ රටේ තාක්ෂණික විප්ලවයක් ඇති කරන බවත් මෙරට විරැකියාවට තිත තබන බවත් තරුණයන් කෘෂිකාර්මික විවසායකයන් බවට පත් කිරීමේ වැඩසටහනක් දියත් කරන බව පොදු පෙරමුණු ජනාධිපතික්ෂක් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා 16 දින පස්වරුවේ දඹුල්ලේ දී පැවසීය.
නාමල් රාජපක්ෂ මහතා පිළිගැනීමේ උත්සවයක් දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය අසලදී පැවැත්විණි , දඹුල්ල හිටපු නගරාධි පති ජාලිය ඕපාත මහතා මෙම පිළිගැනීමේ උත්සවය සංවිධානය කොට තිබෙනු අතර පාර්ලිමේන්තු මන්ත්‍රී නාලක කෝට්ටේ ගොඩ මහතා ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.
අනුරාධපුරයේ සිට මහනුවර බලා ගමන් කරමින් සිටියදී මෙම පිළිගැනීමේ උත්සවය සංවිධානය කොට තිබිණි, එහිදී විශාල පිරිසක් නාමල් රාජපක්ෂ මහතා පිළිගැනීම සඳහා දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ අසලට පැමිණ සිටියහ .
මෙහිදී නාමල් රාජපක්ෂ මහතාට උණුසුම් පිළිගැනීමක් තිබුණු අතර ජනතාව සමග මහ මඟ පා ගමනින් මද දුරක් ඉදිරියට පැමිණි නමල් රාජපක්ෂ මාධ්‍යවේදීන් අමතමින් කියා සිටියේ තම රජයක් යටතේ විරැකියාවට තිත තබන බවය, තාක්ෂණික විප්ලවයක් මෙරට තුළ ස්ථාපිත කරන බවත් තරුණ විවසායකයන් ගොඩනැගීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කරන බවද සඳහන් කරන්නට විය.