ජපානය තුළ කොරෝනා වෛරසය ආසාදනය වූ තවත් රෝගීන් 252 ක් සහ තවත් මරණ 7 ක් ඊයේ දිනයෙදී වාර්තා වී තිබේ.
නව රෝගීන්ගෙන් 83ක් ජපානයේ ටෝකියෝ අගනුවරින් වාර්තා වී තිබේ.
මේ වන විට ජපානය පුරා ඇති මුළු රෝගීන් සංඛ්‍යාව 4,618 ක් වෙයි. මරණ සංඛ්‍යාව 91 දක්වා ඉහළ ගොස් තිබේ.
ජපාන අගමැති ෂින්සෝ අබේ ඊයේ ප්‍රකාශ කළේ තමන් හදිසි තත්වයක් ප්‍රකාශයට පත් කරන බවයි.
ජපානයේ හදිසි තත්වය බටහිර රටවලට වඩා වෙනස් වන අතර එය මාසයක් පමණ පවතිනු ඇතැයි ඔහු පැවසීය.
පොදු ප්‍රවාහනය සහ සුපිරි වෙළඳසැල් වැනි මූලික ආර්ථික ක්‍රියාකාරකම් අඛණ්ඩව ක්‍රියාත්මක වනු ඇතැයි ඔහු පැවසීය.