ශ්‍රී ලංකාව සහ ජපානය අතර 70 වසරක මිත්‍රත්වය සනිටුහන් කරමින් ජපන් රජය මෙරට සෞඛ්‍ය සේවාවේ ප්‍රවාහන කටයුතු සදහා ලබාදුන් ත්‍යාගශීලී ඉන්ධන ප්රදානය වෙනුවෙන් ජපන් රජයට සහ ජනතාවට ස්තූතිය පුද කිරීම සහ එම ඉන්ධන බෙදාහැරීමේ කටයුතු වලට අදාල Fuel Management Information System (FIMS) පද්ධතිය නිල වශයෙන් දියත් කිරීම 26දා සෞඛ්‍ය අමාත්‍යාංශයේ ශ්‍රවණාගාරයේ දී සිදු කෙරිනි.
එම කටයුතු සිදු කෙරුණේ සෞඛ්‍ය හා කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතාගේ සහ ශ්‍රී ලංකාවේ ජපාන නියෝජ්‍ය තානාපති අත්සුකි කොටාරෝ (Mr.Atsuki Kotaro) මහතාගේ ප්‍රධානත්වයෙනි. මෙම ඩීසල් ප්රදානය සෞඛ්‍ය ආයතනවලට බෙදාහැරීමේ කටයුතු ද 26 දා නිල වශයෙන් ආරම්භ කරන ලදි.
සියළු සෞඛ්‍ය ආයතනවලට ක්‍රමවත්ව බෙදාහැරිමේ කටයුතු සදහා මෙම Fuel Management Information System (FIMS) පද්ධතිය නිර්මාණය කර ඇත. එම පද්ධතියට ඉන්ධන ලබාගත් වාහන, ලබාගත් ඉන්ධන ප්‍රමාණය, සෞඛ්‍ය ආයතන පිළිබද සියළු තොරතුරු දත්ත ඇතුළත් කරනු ලබයි. එම සියළු කටයුතු ජපන් රජයේ සෘජු අධීක්ෂණය යටතේ සිදුවේ.
ප්‍රදානයක් ලෙස ලැබුනු මෙම ඉන්ධන කොගය මෙරට මුදලින් රුපියල් බිලියන 12 ක වටිනාකමකින් යුක්ත වන අතර එය වසර දෙකකට ප්‍රමාණවත් බව සෞඛ්‍ය අමාත්‍යවරයා පවසයි.
ඉන්ද්‍රමූර්ති ජයසූරිය