ටෝකියෝ - නව කොවිඩ් 19 වෛරස් ප්‍රභේදයක් වන ඔමික්‍රොන් ලොව පුරා රටවල් කිහිපයකින් වාර්තා වීමත් සමග එයින් අරක්ෂාවීම සඳහා වීම සඳහා ලොව පුරා සිටින සියලුම විදේශීය අමුත්තන්ට ජපානයට ඇතුළුවීම අත්හිටුවන බව ජපානය සඳුදා නිවේදනය කළේය.
"ජපානයේ නරකම තත්වයක් වැලැක්වීම සඳහා හදිසි පූර්වාරක්ෂාවක් ලෙස අපි මෙම පියවර ගනිමින් සිටිමු" යැයි අගමැති ෆුමියෝ කිෂිඩා පැවසීය. මෙම පියවර අඟහරුවාදා ක්‍රියාත්මක වන බව ඔහු පැවසීය.
මෙම තීරණයෙන් අදහස් වන්නේ ජපානය කෙටි කාලීන ව්‍යාපාරික අමුත්තන්, විදේශීය සිසුන් සහ කම්කරුවන් සඳහා මෙම මස මුලදී ලිහිල් කළ දේශසීමා පාලනය යළිත් පෙර පැවැති තත්ත්වයට පත් කෙරෙණු ඇත. .
නව ඔමික්‍රොන් ප්‍රභේදය පිළිබඳ වැඩිදුර තොරතුරු දැන ගන්නා තුරු මුහුණු ආවරණ පැළඳීම සහ අනෙකුත් මූලික ප්‍රති-වයිරස පියවරයන් දිගටම කරගෙන යන ලෙස කිෂිඩා ජනතාවගෙන් ඉල්ලා සිටියේය.
නව ප්‍රභේදය අනෙකුත් අනුවාදවලට වඩා භයානකද යන්න පැහැදිලි නැති බවට විද්‍යාඥයන් අනතුරු අඟවන විටත් බොහෝ රටවල් තම දේශසීමා ආරක්ෂාව දැඩි කිරීමට පියවර ගෙන ඇත.