ඉදිරි ජනාධිපතිවරණයට තමා ඉදිරිපත් වන බව හිටපු අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා පැවසීය.
කොළඹ පදනම් ආයතනයේ අද(11දා) පැවති උත්සවයකට එක්වෙමින් හෙතෙම මේ බව සඳහන් කළේය.
2024 ජනාධිපතිවරණයට මා ඉදිරිපත් වන බව මම මේ වෙලාවේදී සිහිපත් කරනවා. අපි මේ රට හදමු. මටත් ඔබටත් පළමුවත්, දෙවනුවත්, තෙවනුවත් විය යුත්තේ අපේ රට. ඒ නිසා හදවතිම රට කියලා මම මේ අවස්ථාවේ සිහිපත් කරනවා.