තව දින කීපයකින් පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණය සඳහා විවිධ අපේක්ෂකයන් ජනාධිපති වන බව ඉලක්ක කරගෙන මුදල් සහ දේපළ ඔට්ටු ඇල්ලීමේ ප්රවණතාවයක් මෙවර හටගෙන ඇත.
පොලිස් දෙපාර්තමේන්තුවේ ඇතැම් නිලධාරීන් ද මෙම මාසයට ලැබෙන සිය ගමන් වියදම් දීමනාවද විවිධ අපේක්ෂකයන් ජනාධිපති වන බව පවසා ඔට්ටු ඇල්ලීමට ඉතා රහසිගතව උනන්දුවක් ඇති වී තිබෙන බව පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි.
කළුතර දිස්ත්රික්කයේ බේරුවල, පානදුර බණ්ඩාරගම අටලුගම හා, කොළඹ දිස්ත්රික්කයේ කහතුඩුව, කැස්බෑව හා පිළියන්දල ආදී ප්රදේශවලින් මෙම මුදල් ඔට්ටු මෙන්ම ත්රී රෝද රථ හා මෝටර් රථ ඔට්ටු ඇල්ලීමේ ප්රවණතාවය හටගෙන ඇතැයි දැනගන්නට ඇත