ජනාධිපතිවරණයට අදාළ මූලික මුද්‍රණ කටයුතු මේ වන විට ආරම්භ කර තිබෙන බවත් නාමයෝජනා භාර ගැනීමෙන් පසු ඡන්ද පත්‍රිකා මුද්‍රණ කටයුතු ආරම්භ කරන බවත් රජයේ මුද්‍රණාලාධිපති ගංගානි ලියනගේ මහත්මිය සඳහන් කළාය.
අපේක්ෂකයන් ප්‍රමාණය අනුව ඡන්ද පත්‍රිකාව මුද්‍රණය කළ යුතු ආකාරය පිළිබඳව මැතිවරණ කොමිසම විසින් දන්වා එවන බවත් මේ අනුව අදාළ මුද්‍රණ කටයුතු සිදුකරන බවත් දැනට සිදුකර තිබෙන මුද්‍රණ කටයුතු සඳහා රජයෙන් මුදල් ලබා දී තිබෙන බවද ‘අද’ කළ විමසීමකදී පවසා සිටියාය.