ජනාධිපතිවරණය සඳහා වූ ගැසට් පත්‍රය එළඹෙන ජූලි මාසයේ දී නිකුත් කිරීමට නියමිත බව කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා ප්‍රකාශ කළේය.
ඒ අනුව තම අමාත්‍යාංශය යටතේ මෙම වසර සඳහා සැළසුම් කළ සංවර්ධන ව්‍යාපෘතිවල කටයුතු කඩිනම් කළ යුතු බවට නිලධාරීන්ට ඔහු උපදෙස් දුන්නේ
පාර්ලිමේන්තු පරිශ්‍රයේදී පැවති කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍යාංශයේ පාර්ලිමේන්තු උපදේශක කාරක සභාවේදීය.
මේ පිළිබඳ වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා මෙසේ සඳහන් කර සිටියේය.
"ජනාධිපතිවරණය සඳහා වන ගැසට් පත්‍රය පළ කිරීමෙන් පසුව කිසිදු සංවර්ධන කටයුත්තක් ක්‍රියාත්මක කළ නොහැකියි. මේ නිසා ජූලි මාසයෙන් පසුව ජනාධිපතිවරණය අවසන් වන තෙක් සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමට ඉඩ ලැබෙන්නේ නැහැ. රජය විසින් අවශ්‍ය තරම් මුල්‍ය ප්‍රතිපාදන ඒ සඳහා ලබා දී තිබෙනවා. නමුත් සමහර අංශ තවමත් මුලික කටයුතුවත් අවසන් කර නැති බව පෙනෙනවා"