ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් වන බව පවසන කිසිදු අපේක්ෂකයෙකු එම ධුරය සතු විධායක බලය අහෝසි කරන බවට මෙතෙක් ප්‍රකාශ කර නොමැති බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කරයි.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කර සිටියේ ‘What’s New” තරුණ නීති වෘත්තිකයන් සමඟ නීති ප්‍රතිසංස්කරණ පිළිබඳ ජනාධිපති කාර්යාලයේදී ඊයේ (28) පවැති වැඩමුළුවට එක්වෙමිනි.
ජනාධිපති ධූරය සතු විධායක බලය නිසා ශ්‍රී ලංකාවේ ආර්ථිකය ගොඩනැඟීමට මෙන්ම තිස්වසරක යුද්ධය නිමා කිරිමට හැකි වූ බවත් ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.
එංගලන්ත පාර්ලිමේන්තුව තුළ යම් නීතියක් සම්මත වූ පසු ඒ පිළිබඳ කිසිවෙකුට ප්‍රශ්න කළ නොහැකියි. පාර්ලිමේන්තුවේ උත්තරීතරභාවයේ පදනම එයයි. උත්තරීතර වන්නේ පාර්ලිමේන්තුවයි.
ඇමරිකානු ක්‍රමවේදය මීට වෙනස්. ඇමරිකානු ක්‍රමවේදය මගින්, ඔවුන් යම් නීතියක් කෙටුම්පත් කරන විට, විධායක බලතල ජනාධිපතිටත්, ව්‍යවස්ථාදායක බලතල කොන්ග්‍රසයටත් සහ අධිකරණ බලතල අධිකරණයටත් ලබා දුන්නා.
අපේ රට ෆෙඩරල් ක්‍රමයක් අනුගමනය නොකරන නිසා අප පවත්වාගෙන යන්නේ ඉංග්‍රීසි ක්‍රමයයි.ෆෙඩරල් ක්‍රමයට යාමට ඉන්දියාවට සිදු වූයේ ඔවුන් ෆෙඩරල් රටක් වූ නිසායි. නමුත් අපි ෆෙඩරල් රටක් නොවේ. අපේ රටේ නීති සම්පාදනය පිළිබඳ අවසාන බලතල තිබෙන්නේ පාර්ලිමේන්තුවටයි.
ඉන්ද්‍රමූර්ති ජයසූරිය