ජනාධිපති ලේකම් කාර්යාලට අනුක්ත කර ඇති ජනාධිපති ආරක්ෂක ගුවන් හමුදා ඒකකයේ ලෑන්ඩ් කූශර් ජීප් රථයකින් පුපුරන ද්‍රව්‍ය ප්‍රවාහනය කරමින් සිටි ගුවන් හමුදා සෙබලෙකු ඇතුළු දෙදෙනෙකු ඊයේ(17) රාත්‍රී වෙල්ලාවලි පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇත.
අත්අඩංගුවට ගත් සැකකාර ගුවන් හමුදා සෙබළා ජනාධිපති ආරක්ෂක අංශ ඒකකයට අනුයුක්තව සේවය කරන්නෙකි.
එම සැකකරුවන් සමග වෝටර් ජෙල් කූරු 01 ක් , ඇමොනියා කිලෝ ග්‍රෑම් 01ක්, සේවා නූල් 01 ක්, ප්ලේන්ට් රිමුවර් බෝතල් 03 ක්පොලිස් භාරයට ගෙන ඇත.
වෙල්ලාවලි පොලිසි ස්ථානයේ ජාතී ජංගම සංචාරයේ ඉදි සිටි නිලධාරීන් වෙල්ලාවලි බක්කි ඇල්ල මාර්ගයේ පාලයඩ්වට්ට ප්‍රදේශයේදී ජීප් රථය නවතා පරික්ෂා කිරීමේදී මෙම පුපුරන ද්‍රව්‍ය හමු වූ බව පොලිසිය සඳහන්කරයි.
මෙම පුපුරන ද්‍රව්‍යය යම් නිදන් හෑරීමකට රැගෙන යන්නට ඇති බව පොලිසිය සැක කරයි.
අත්අඩංගුවට ගත් 34 හැවිරිදි සැකකාර සෙබලා ගොඩකවල නියංගම පදිංචිකරුවකු වන අතර අනෙක් සැකකරු කැලණිය ගෝනවල පදිංචි 60 හැවිරිදි පුද්ගලයෙකි. වෙල්ලාවලි පොලිසිය පරීක්ෂණ පවත්වයි.