ජනාධිපති අරමුදල් කාර්යාලය 2025 ජනවාරි 01 දින සිට නව ස්ථානයක ස්ථාපිත කිරීමට රජය තීරණය කොට තිබේ.
ඒ අනුව කොළඹ 10 ,ඩී. ආර් .විජේවර්ධන මාවතේ ලේක්හවුස් ගොඩනැගිල්ලේ 3 වැනි මහලේ දැනට පවත්වාගෙන යන ජනාධිපති අරමුදල් කාර්යාලය කොළඹ 01, ජනාධිපති මාවතේ, ජනාධිපති මන්දිරය පිහිටා ඇති චාර්ටඩ් ගොඩනැගිල්ලේ බිම් මහලේ ස්ථාපිත කරනු ලැබේ.
නව වසරේ පළමු දිනයේ සිට ජනාධිපති අරමුදලින් සේවා ලබා ගැනීමට පැමිණෙන අයට එම ස්ථානයට ගොස් තම අවශ්‍යතා ඉටුකර ගැනීමට හැකිවෙයි.