ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ජනාධිපති අපේක්ෂකයා ලෙස ඉදිරිපත් වීම සඳහා විශාල පිරිසක් ඉල්ලා සිටින බව අධිකරණ , බන්ධනාගාර හා ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණ අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා ගම්පොළදී ඒ මහතා පැවසීය.
ඔහු සඳහන් කරන්නේ මෙම ඉල්ලීම කරන පිරිසට තමා ජනාධිපතිවරයකු ලෙස පත්වන බවට විශ්වාසයක් තිබෙන බවයි.අධිකරණ රාජ්‍ය අමාත්‍ය නීතිඥ අනුරාධ ජයරත්න මහතාගේ ඉල්ලීමක් මත සාමදාන විනිශ්චකාරවරුන් තුන්සිය දෙනකු සඳහා පත්වීම් ලබාදීමේ උත්සවයකට පැමිණ අවස්ථාවේදී ඒ මහතා මේ බව සඳහන් කළේය.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජනාධිපති අපේක්ෂකත්වය තුළින් මෙත්‍රීපාල සිරිසේන මහතාගේ චෝදනා හා නඩු අධිකරණයෙන් ඉවත්වේද යන පැනයට පිළිතුරු දුන් රාජපක්ෂ මහතා පැවසුවේ යම් පක්ෂයක පුද්ගලයෙකු අපේක්ෂකත්වයට පත් වූ පමණින් නඩු හබ ඉවත් වීමේ නීතියක් රට තුළ නොමැති බවයි.
ගම්පොළ -සුරංග දිල්හාන්