කොරෝනා වයිරසය හේතුවෙන් ගැටලුවට පත්ව ඇති යුරෝපයේ රටක් වන බෙල්ජියම තුණ මේ වන විට මරණ සංඛ්‍යාවේ ඉහළ යමින් පවතී.
ඒ අනුව සඳුදා දිනයේදී මරණ 303ක් වාර්තා වී ඔවුන්ගේ සමස්ත මරණ සංඛ්‍යාව 3903ක් දක්වා ඉහළ ගොස් තිබේ.
යුරෝපයේ අනෙකුත් රටවල් හා සසඳන විට එම සංඛ්‍යාව කුඩා බවක් පෙනෙන්නට තිබුණද බෙල්ජියමේ ජනගහනය මිලියන 11.5 කි. ජර්මනියේ ජනගහනය මිලියන 83 ක් පමණ වන අතර, මරණ සංඛ්‍යාව 3,000 ක් පමණ වාර්තා වී ඇත.
සමානුපාතිකව ගත් කල, බෙල්ජියමේ මරණ සංඛ්‍යාව ස්පාඤ්ඤයේ හා ඉතාලියේ මරණ සංඛ්‍යාවට සමීප වෙයි.
බෙල්ජියමේ වාර්තා වී ඇති තහවුු කළ රෝගින් සංඛ්‍යාව 30,000 කට වැඩිය.