පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් වගඋත්තරකරුවෙකු ලෙස නම් කරන සිටින ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව ගොනු කර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම ඉදිරියට පවත්වාගෙන යා නොහැකි බව ශ්‍රේෂ්ඨාධිකරණය දැනුම් දුන්නේය.
අගවිනිසුරු ජයන්ත ජයසූරිය ප්රමුඛ සත් පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් විසින් එම නියෝගය නිකුත් කර තිබේ.
පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල කිරීමට නියමිත බවට බුද්ධි තොරතුරු ලැබී තිබියදීත් එය වළක්වා ගැනීමට පියවර නොගැනීම සම්බන්ධයෙන් ඉදිරිපත් කර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම්වල වත්මන් ජනාධිපතිවරයා වගඋත්තරකරුවෙකු ලෙස නම් කර සිටියේය.
ජනපතිවරයාට ව්‍යවස්ථානුකූලව ලැබෙන මුක්තිය අනුව මෙසේ ජනපතිවරයාට ඒරෙහිව නඩු කටයුතු පවත්වාගෙන යාමට නොහැති වී තිබේ.