ව්‍යවස්ථාව අනුව ජනාධිපතිවරයාගේ ධුරකාලය වසර 05 ක් බව ස`ඳහන් කළ ශ්‍රේෂ්ඨාධිකරණය ජනාධිපතිවරයාගේ ධූර කාලය අවසන් වන දිනය පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණයේ අර්ථ නිරූපනයක් දෙනතුරු ජනාධිපතිවරණය පැවැත්වීමෙන් මැතිවරණ කොමිසම වළකාලන නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා ව්‍යවසායකයෙකු ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සම විභාගයට නොගෙනම අද (08) නිශ්ප්‍රභ කළේය.
ජනාධිපතිවරයාගේ ධුරකාලය සම්බන්ධයෙන් පැහැදිලි තීන්දුවක් දී තිබියදී අධිකරණය නොමග යන ආකාරයට කටයුතු කිරීම වැරදි සහගත ක්‍රියාවක් මෙන්ම අධිකරණයේ කාලය නාස්ති කිරීමක් බවද පෙන්වා දුන් ශ්‍රේෂ්ඨාධිකරණය ව්‍යවසායකයෙකු බව කියන චමින්ද්‍ර ලේනව මහතාගේ ක්‍රියා කලාපය දැඩි දෝෂ දර්ශනයට ලක් කරමින් රුපියල් ලක්ෂයක නඩු ගාස්තුවකට ඔහු යටත් කළේය.
අගවිනිසුරු ජයන්ත ජයසුරිය ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුන් වන විජිත් මලල්ගොඩ, මුර්දු ප්‍රනාන්දු, ප්‍රීතී පද්මන් සුරසේන සහ එස්. තුරේරාජා මහත්වරුන් සැදුම්ලත් පංච පුද්ගල විනිසුරු මඩුල්ලක් හමුවේ පෙත්සම කැඳවනු ලැබීය.
ශ්‍රේෂ්ඨාධිකරණය ජනාධිපතිවරයාගේ ධූර කාලය අවසන් වන දිනය පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණයේ අර්ථ නිරූපනයක් දෙනතුරු ජනාධිපතිවරණය පැවැත්වීමෙන් මැතිවරණ කොමිසම වළකාලන නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා ව්‍යවසායකයෙකු බව කියන චමින්ද්‍ර ලේනව මහතා ඉදිරිපත් කර ඇති පෙත්සමට එරෙහිව ජාතික ජන බලවේගය, සමගි ජන බලවේගය, ග්‍රි ලංකා නීතිඥ සංගමය සහ පැපරල් සංවිධානය ඇතුළු සංවිධාන 12 අතරමැදි පෙත්සම් ඉදිරිපත් කර තිබිනි.
මෙම පෙත්සඹ් වල වගඋුත්තරකරුවන් වශයෙන් මැතිවරණ කොමිසම සහ එහි සාමාජිකයන් නම් කර තිබිණී.
පෙත්සම සලකා බැලීම සඳහා කැඳවනු ලැබු අවස්ථාවේදී වගඋුත්තරකරුවන් වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් කනිෂ්කා ද සිල්වා මහත්මිය මූලික විරෝධතාවයක් ඉදිරිපත් කරමින් පෙස්සම විභාගයට නොගෙනම ඉවත දමන්නැයි ඉල්ලා සිටියාය.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 19 වැනි සංශෝධනය අනුව ජනාධිපතිවරයාගේ ධුරකාලය වසර 05ක් බව පැහැදිලිවම සඳහන් වන්නේ යැයිද මෙම් වන විට එය නීතියක් බවට පත්වී ඇති හෙයින් ඒ සම්බන්ධයෙන් අධිකරණයෙන් කිසිදු ඉල්ලීමක් කළ නොහැකි යැයිද කී කනිෂ්කා ද සිල්වා මහත්මිය පෙත්සම විභාගයටට නොගෙනම නිශ්ප්‍රභ කරන්නැයි ඉල්ලා සිටියාය.
සමගි ජන බලවේගය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා මහතා කරුණු දක්වමින් කිසිදු ආකාරයකින් මෙම පෙත්සම විභාගයට ගැනීමට කිසිදු නීතිමය ප්රතිපාදනයන් නොමැති හෙයින් පෙත්සම විභාගයට නොගෙනම ඉවත දමන්නැයි ඉල්ලා සිටියේය.
පැෆරල් සංවිධානය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සාලිය පීරිස් මහතා කරුණු දක්වමින් සිද්ධිය සම්බන්ධයෙන් පෙත්සම්කරු රිට් පෙත්සමක් අධිකරණට ඉදිරිපත් කර ඇතැත් ඒ සම්බන්ධයෙන් කිසිදු තොරතුරක් සඳහන් කර නැතැයිද ඔහු කරුණු වසන් කරමින් පෙත්සම ඉදිරිපත් කර ඇතැයිද කීය.
ජාතික ජනබලවේගයේ ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ නයිජල් හැච් මහතා කරුණු දක්වමින් මැතිවරණ කොමිෂන් සභාව විසින් ප්‍රකාශිත වාර්තාවක මෙම සිද්ධිය සම්බන්ධයෙන් මීටට පෙර පැවරූ නඩුවක් නිෂ්ප්රභා කළ බව පැහැදිලිව සඳහන් වන හෙයින් මෙම පෙත්සම ඉවත දමන්නැයි ඉල්ලා සිටියේය.
ඉන් අනතුරුව අධිකරණ ඇමතූ පෙත්සම්කාර චමින්ද ලේනව මහතා කරුණු දක්වමින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 19 වැනි සංශෝධනයේදී 30 වැනි වගන්තිය නිවැරදිව සංශෝධනය වී නොමැති හෙයින් ඒ සම්බන්ධයෙන් නිවැරදි අර්ථකථනයක් දීමට ශ්‍රේෂ්ඨාධිකරණයට බලයක් ඇතැයි කීය.
මේ අවස්ථාවේදී අධධිකරණය ඇමතූ අගවිනිසුරු ජයන්ත ජයසූරිය මහතා මෙම ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දුවක් දී අවසන්ව තිබියදී ඔබ ඊට අභියෝග කරන්නේ කෙසේදැයි විමසීය.