ජනාධිපතිවරණයකට මුහුණ දීමට ආණ්ඩුව මෙන්ම සිය පක්ෂයද සුදානම් බව ආණ්ඩු පක්ෂ ප්රධාන සංවිධායක ඇමති ප්රසන්න රණතුංග මහතා අවධාරණය කරයි.
ඔහු අවධාරණය කරන්නේ ආණ්ඩුවේ සියළු පාර්ශව ඒ සඳහා සුදානම් බවයි. ඒ අනුව ඉදිරි ජනාධිපතිවරණයට රටට වැඩ කළ රටට වැඩ කළ හැකි පොදු අපේක්ෂකයෙකු ඉදිරිපත් කරන බව පැවසූ ඇමතිවරයා ඔහු අනිවාර්යෙන්ම මෙරට ඊළඟ ජනාධිපතිවරයා වනු ඇති බවටද විශ්වාසය පළ කළේය.
ශ්රී ලංකා පොදුජන පෙරමුණේ ගම්පහ දිස්ත්රික් මෙහෙයුම් කමිටු රැස්වීමේදී ඇමතිවරයා මේ බව සඳහන් කළේය. රැස්වීම පසුගිය සිකුරාදා (19) උඩුගම්පල ප්රසන්න රණතුංග මහතාගේ කාර්යාලයේදී පැවැත්විණ.
“රටේ ජනතාව ඉල්ලන්නේ ජාතික මැතිවරණයක්. ඒ අනුව ජනාධිපතිවරණයකට අපේ පක්ෂයත් ආණ්ඩුවත් සුදානම්. මේ ජනාධිපතිවරණයට අපි වැඩ කළ වැඩකළ හැකි පොදු අපේක්ෂකයෙක් ඉදිරිපත් කරනවා. ඔහු තමයි අනිවාර්යෙන්ම මේ රටේ ඊළඟ ජනාධිපතිවරයා වෙන්නෙත්. මොකද තවමත් අපේ රටේ ප්රගතිශීලි කඳවුර ඉන්නේ අපිත් එක්කයි.
ජනාධිපතිවරණයක් ඉල්ලා කෑ මොර දුන්නට ජවිපෙ ඉතිහාසයේ වැඩි වාර ගනණක කරලා තියෙන්නේ ජනාධිපතිවරණ මඟ ඇරපු එක. ඔවුන් ඇත්තටම ජනාධිපතිවරණයකට බයයි. ජනතාව ඉදිරිපිට බොරු සුරංගනා ලෝක මැව්වට ජවිපෙ කියන්නේ ප්රායෝගික දැනුමක් තියෙන දේශපාලන පක්ෂයක් නෙමෙයි.”