පොහොට්ටුවෛ් දේශපාලන මණ්ඩල රැස්විමට මන්ත්‍රීවරු 16යි
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ දේශපාලන මණ්ඩල රැස්වීමට ඊයේ (29දා) සහභාගී වී ඇත්තේ එම පක්ෂය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 16 දෙනෙකු පමණක් බව වාර්තා වේ.
මෙවර ජනාධිපතිවරණයට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේන් අපේක්ෂකයකු ඉදිරිපත් කළයුතු බවට වන යෝජනාව දේශපාලන මණ්ඩලයට ඉදිරිපත් කර ඇත්තේ පක්ෂ ලේකම් සාගර කාරියවසම් මහතා විසින් වන අතර, එම යෝජනාවට විරැද්ධව සහභාගී වූ මන්ත්‍රීවරුන් 11 දෙනෙකුම විරුද්ධව ඡන්දය ප්‍රකාශ කර ඇති බව ද වාර්තා වේ.
එහිදී හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසා ඇත්තේ මෙය පක්ෂයේ තීරණය බවට එයට සියලුම දෙනා එකග විය යුතු බවත්ය.
දේශපාලන ආරංචි මාර්ග පවසන්නේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 16 දෙනා හැරැණු විට දේශපාලන මණ්ඩල රැස්වීමට සහභාගී වූ බොහෝදෙනා විවිධ සංවිධාන මට්ටමින් ගෙන්වූ අය බවයි.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ දේශපාලන මණ්ඩලයේ සාමාජිකයකු නොවන මහර ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපතිනියගේ දියණිය පවා අද පැවති දේශපාලන මණ්ඩල රැස්වීමට සහභාගී වී ඇති බව ද එම ආරංචි මාර්ග පවසයි.
කෙසේවෙතත් දේශපාලන මණ්ඩල රැස්වීමේදී පොහොට්ටුවෙ ජනාධිපති අපේක්ෂකධූරය බළාපොරොත්තුවෙන් සිටි ධම්මික පෙරේරා මහතාගේ නමක් ගැන සඳහන් නොවුණ බව ද වාර්තා විය.
මහින්දානන්ද අලුත්ගමගේ, බන්දුල ගුණවර්ධන, ප්‍රදීප් උදුගොඩ, කෝකිලා හර්ෂණී ගුණවර්ධන, සහන් ප්‍රදීප්, රමේෂ් පතිරණ, කාංචන විජේසේකර, ප්‍රසන්න රණතුංග කනක හේරත්, මොහාන් ප්‍රිදර්ශන, ජනක වක්කුඹුර පක්ෂයෙන් වෙනම අපේක්ෂකයෙකු ඉදිරිපත් කිරීමට ඉදිරිපත් වූ යෝජනාවට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කර ඇති බවද වාර්තා විය.
නවෝද්‍යා පවනි
-වෙනම අපේක්ෂක යෝජනාවට විරුද්ධව ලැබී ඇත්තේ ඡන්ද 11යි
-පක්ෂයේ අපේක්ෂකයා නම් කිරීම දින කිහිපයකින්
ඉදිරි ජනාධිපතිවරණය සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පොහොට්ටුව ලකුණ යටතේ අපේක්ෂකයකු ඉදිරිපත් කිරීමට එම පෙරමුණේ දේශපාලන මණ්ඩලය තීරණය කර තිබේ.
අද පැවති එම පෙරමුණේ දේශපාලන මණ්ඩල මණ්ඩල රැස්වීමෙන් අනතුරුව මෙම තීරණය ගෙන ඇත.පොදුජන පෙරමුණේ දේශපාලන මණ්ඩලයේ සාමාජිකයන් 82නෙකු සිටින අතර මෙයින් 79 ක් රැස්වීමට එක්ව සිටියහ.
ජනාධිපතිවරණයට පොහොට්ටුවෙන් අපේක්ෂකයකු ඉදිරිපත්කිරීම සදහා වූ යෝජනාවට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කර තිබුණේ පැමිණ සිටි සාමාජිකයන්ගෙන් 11 දෙනෙකු පමණි.තවද පොහොට්ටුවෙන් පිට අපේක්ෂකයකු සඳහා සහාය දෙන අයට විරුද්ධව විනය පියවර ගැනීම සඳහා වූ යෝජනාවට විරුද්ධ වූයේ 06 දෙනෙකු පමණි.
අදාළ තීරණයට එළඹ ඇත්තේ දේශපාලන මණ්ඩලය තුළ ඡන්ද විමසීමකින් අනතුරුවය.
ඒ අනුව පක්ෂය විසින් ඉදිරිපත් කරන අපේක්ෂකයා ඉදිරි දින කිහිපය තුළ ප්‍රකාශයට පත් කිරීමට සූදානම් බව පක්ෂ ආරංචි මාර්ග පවසයි.
ධම්මික ප්‍රේමරත්න