ඉදිරියේදී පැවත්වීමට නියමිත ජනාධිපතිවරණය වෙනුවෙන් පොදු අපේක්ෂකයෙකු ඉදිරිපත් කිරීමට ද්‍රවිඩ දේශපාලන පක්ෂ කිහිපයක් සහ සිවිල් සංවිධාන කිහිපයක් විසින් ඒකඟ වී ඊයේ(22දා) ගිවිසුමකට අත්සන් කිරීම සිදුවිය.
යාපනය සෙල්වා අනුස්මරණ ශාලාවේදී ඊයේ(22දා) උදෑසන දෙමළ දේශපාලන පක්ෂ නායකයන්ගේ සහභාගිත්වයෙන් මෙය සිදු විය.
උතුරු පළාත් හිටපු ප්‍රධාන අමත්‍ය සී.වී.විග්නේශ්වරන්ගේ දෙමළ ජනතා සන්ධානය, ඊ. පී. අර්. ඒල්. ඒෆ්. පක්ෂය, ප්ලොට්, ටෙලෝ, ආදී වශයෙන් පක්ෂ 7 ක් මෙලෙස ගිවිසුම්ගතව ජනාධිපතිවරණය වෙනුවෙන් පොදු අපෙක්ෂකයෙකු ඉදිරිපත් කරන බවට නිවේදනය කඑන ලදි.
නාමයෝජන ලබාදීමෙන් පසුව පොදු අපේක්ෂකයා කවුරුන්දැයි නිවේදනය කිරීමට පියවර ගන්නා බවත්, ගිවිසුමෙන් අනතුරුව පචාරක කමිටුව, මැතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශය ඇතුළු දේශපාලනික ක්‍රියකාරකම් සිදුකිරීමට අදාළ පක්ෂ විසින් පියවර ගන්නා බවටද මෙහිදී ප්‍රකාශ කෙරිණ.