ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 19 වැනි සංශෝධනය ජනමත විචාරණයකින් අනුමත කර නොතිබියදී ජනාධිපතිවරණයක් පැවැත්වීම නීතියට පටහැනි බව සඳහන් කරමින් නීතිඥ අරුණ ලක්සිරි උණවටුන මහතා ගෙනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම විභාගයට නොගෙනම නිශ්ප්‍රභ කළ ශ්‍රේෂ්ඨාධිකරණය රුපියල් ලක්ෂ 05ක නඩු ගාස්තුවක් ගෙවීමටද ඔහුට අද (15) නියම කළේය.
නීතිඥවරයෙකුට නුසුදුසු ආකාරයෙන් සහ අධිකරණය නොමග යවන ආකාරයෙන් නීතිඥ අරුණ ලක්සිරි මහතා කටයුතු කර ඇතැයි පෙන්වා දුනන් අගවිනිසුරු ජයන්ත ජයසූරිය මහතා ඔහුගේ ක්‍රියා කලාපය මෙන්ම හැසීරීමද දැඩි දෝෂ දර්ශණයට ලක් කළේය.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 19 වැනි සංශෝධනය නිසියාකාරව සම්මත වී නොමැති අවස්ථාවක එය ජනමත විචාරණයකට යොමු කර අනුමැතිය ගන්නා තුරු ජනාධිපතිවරණයක් පැවැත්වීමෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මෙන්ම මුලික අයිතිවාසිකම්ද උල්ලංඝනය වන බවට තීන්දුවක් දෙන්නැයි ඉල්ලමින් නීතිඥ අරුණ ලක්සිරි උණවටුන මහතා ගොනු කර ඇති මුලික අයිතිවාසිකම් පෙත්සම අගවිනිසුරු ජයන්ත ජයසුරිය මහතා ප්රමුඛ ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ මෙලෙස සළකා බැලේ.
අගවිනිසුරු ජයන්ත ජයසුරිය මහතා ප්රමුඛ ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලේ සාමාජික විනිසුරුවරුන් වශයෙන් අර්ජුන ඔබේසේකර සහ ප්‍රියන්ත ප්‍රනාන්දු යන මහතුවරු කටයුතු කෙරේ.
නීතිඥ අරුණ ලක්සිරි උණවටුන මහතා ඉදිරිපත් කර ඇති මෙම මුලික අයිතිවාසිකම් පෙත්සමේ වගඋත්තරකරුවන් වශයෙන් මැතිවරණ කොමිසම, එහි සාමාජිකයින්, පාර්ලිමේන්තු මහ ලේකම්වරයා සහ නීතිපතිවරයා නම් කර ඇත.
මෙම පෙත්සම ඉවත් දමන්නැයි ඉල්ලා පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් සමගි ජන බලවේග මහලේකම් රංජිත් මද්දුම බණ්ඩාර, පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණා මහත්වරුන් අතරමැදි පෙත්සමේ ඉදිරිපත් කර තිබිණි.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 19 වැනි සංශෝධනයට යටත්ව ජනාධිපතිවරණයක් පැවැත්වීමට මැතිවරණ කොමිෂන් සභාව සූදානම් වන බවට තමන්ට තොරතුරු ලැබි ඇතැයි පෙන්වා දෙන පෙත්සම්කරු 19 වන සංශෝධනය ජනමත විචාරණයකින් අනුමත කිරීමකින් තොරව ඉදිරි ජනාධිපතිවරණයක් පැවැත්වීම නීතියට පටහැනි බවද සඳහන් කළේය.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 19 වන සංශෝධනයේදී ව්‍යවස්ථාවේ 70 වැනි වගන්තිය සංශෝධනය කරමින් තේරී පත්වෙන පාර්ලිමේන්තුවක් වසරක කාලයක් ඉක්ම යෑමෙන් අනතුරුව විසුරුවා හැරීමට ජනාධිපතිවරයාට තිබු බලය අහිමි කර ඇතැයිද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 19 වැනි සංශෝධනය සම්බන්ධයෙන් මීට පෙර ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් වු පෙත්සමක තීන්දුව ප්‍රකාශයට පත් කළ විනිසුරු මඩුල්ල එම සංශෝධනය ජනමත විචාරණයකට යොමු කළ යුතු බවට තීන්දු කර ඇතැයි සඳහන් කරන පෙත්සම්කරු එහෙත් එය මේ දක්වා ජනමත විචාරණයකින් අනුමත වී නැතැයිද සඳහන් කළේය.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 19 වැනි සංශෝධනය ජනමත විචාරණයකින් අනුමත වී ජනාධිපතිවරයා ඊට අත්සන් තබා නොමැති නිසා එය නීතියක් වශයෙන් සැලකිය නොහැකි බව සඳහන් කරන පෙත්සම්කරු එවැනි තත්වයක් යටතේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 19 වැනි සංශෝධනය තවදුරටත් නීතියක් වශයෙන් පිළිගෙන කටයුතු කිරීම වැරදි සහගත යැයිද සඳහන් කර ඇත.
මෙවැනි වාතාවරණයක් තිබියදී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 19 වන සංශෝධනය ජනමත විචාරණයකින් අනුමත කිරීමකින් තොරව ජනාධිපතිවරයාගේ නිල කාලය වසර පහක් ලෙස සලකා ජනාධිපතිවරණයක් පැවැත්වීමට යෑමෙන් මැතිවරණ කොමිසම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කරන බවත් ජනතාවගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කරන බවත් සඳහන් කරන පෙත්සම්කරු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 19 වැනි සංශෝධනය ජනමත විචාරණයකට යොමු කිරීමට පාර්ලිමේන්තු මහලේකම්වරයාට නියෝගයක් නිකුත් කරන ලෙසද ඉල්ලා සිටී.
පෙත්සම් කැඳවූ අවස්ථාවේදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් කනිෂ්කා ද සිල්වා මහත්මිය කරුණු දක්වමින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 19 වැනි සංශෝධනය මේ වන විට නීතියක් වී ඇති හෙයින් ඒ සම්බන්ධයෙන් සොයා බැලීමට අධිකරණයට බලයක් නැතැයි කීවාය.
පෙත්සම කාල විරෝධී බවත් ඒ අනුව මෙම පෙත්සම පවත්වාගෙන යෑමට හැකියාවක් නැති බවත් කී කනිෂ්කා ද සිල්වා මහත්මිය පෙත්සම විභාගයට නොගෙනම ඉවත දමන්නැයි ඉල්ලා සිටියාය.
මේ අවස්ථාවේදී පෙත්සම්කාර නීතිඥ අරුණ ලක්සිරි උණවටුන මහතා ඇමතූ අගවිනිසුරු ජයන්ත ජයසූරිය මහතා තමන් ඉදිරිපත් කළ මෙම පෙත්සමට අනුව මූලික අයිතිවාසිකම් කඩවන ආකාරය පැහැදිලි කරන්නැයි කීය.