ජනාධිපතිවරණයට අදාළව අද (31දා) වන විට අපේක්ෂකයන් හය දෙනෙක ඇප මුදල් තැන්පත් කර තිබෙන බව මැතිවරණ කොමිසම සඳහන් කරයි. පසුගිය 26 වැනි දින ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු අපේක්ෂකයන් හතර දෙනෙකු වෙනුවෙන් ඇප මුදල් තැන්පත් තර තිබේ.
අද සජිත් ප්‍රේමදාස මහතා හා තවත් අපේක්ෂකයෙකු වෙනුවෙන් ඇප මුදල් තැන්පත් කිරීම සිදුකර ඇත.
මේ අනුව පිළිගත් දේශපාලන පක්ෂ හතරක් වෙනුවෙන් හා ස්වාධීන අපේක්ෂකයන් ලෙස දෙදෙනෙකු ඇප මුදල් තැන්පත් කර තිබේ.ඇප මුදල් තැන්පත් කළ පිළිගත් දේශපාලන පක්ෂ වන්නේ සමගි ජන බලවේගය, ජාතික සංවර්ධන පෙරමුණ,ශ්‍රී ලංකා කම්කරු පක්ෂය හා අභිනව නිවහල් පෙරමුණ වේ. ඉතිරි අපේක්ෂකයන් දෙදෙනා වෙනුවෙන් ඡන්ද හිමියන් දෙදෙනෙකු විසින් ඇප මුදල් තැන්පත් කර තිබේ.