විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමේ මුවාවෙන් ජනාධිපතිවරණය පැවැත්වීම වැළැක්වීමට කිසිසේත්ම ඉඩ ලබා නොදෙන බව විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
ඒ අනුව ජනතාවට ඡන්දය පාවිච්චි කිරීමට තිබෙන අයිතිය ලබා දෙන බව කොළඹ දී පැවති සමගි ජන බලවේග නීතිඥ මණ්ඩල රැස්වීම අමතමින් හෙතෙම සඳහන් කළේය.
එහිදී වැඩිදුරටත් විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා මෙලෙස අදහස් දක්වා සිටියේය.
"මම පැහැදිලිව කියන්න කැමතියි විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම අපේ ප්‍රතිපත්තිය. කාලයක් විධායක ජනාධිපති ක්‍රමය පිළිබඳව විශ්වාසය තබපු දේශපාලඥයෙක් මම. නමුත් අපි තීන්දු කළා පක්ෂයක් හැටියට විශේෂයෙන්ම විධායක ජනාධිපති ක්‍රමය තුළ නිර්මාණය වූ ඒකාධිපතිත්වය, ඒ නිර්මාණය වුණු දැවැන්ත බල පරාක්‍රමය අවංකවම මේ රටේ පුරවැසියන්ගේ අයිතීන් උල්ලංඝනය කිරීමේ ක්‍රියාවලියකට යොමු වීම තුළ මෙහි පැහැදිලි වෙනසක් සිදු විය යුතුයි කියන තැනට අපි ආවා.
විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම තමයි අපේ ප්‍රතිපත්තිය. නමුත් විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමේ මුවාවෙන් ජනාධිපතිවරණයක් පැවැත්වීම වළක්වාලන්නට අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ. අද අපි දන්නවා විවිධ කණ්ඩායම්, විවිධ පුද්ගලයන් විවිධ ක්‍රම උපයෝගී කරගෙන මේ සමාජයට එක එක අදහස් දානවා. විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමට මේක වෙලාව කියලා."