ජනාධිපතිවරණය කල් දැමීමට උත්සහා කළොත් ජනාධිපතිවරයාට සිදුවන්නේ කල් තියා ගෙදර යෑමට බව ජාතික ජනබලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා පවසීය.
මෙම පැරණි යල් පැනගිය දේශපාලන ක්රමය වෙනස් කළ යුතු බවත්, එය වෙනස් කිරීමේ ප්රමුඛතම වගකීම පැවරෙන්නේ කාන්තාවන්ට බවත් ඔහු කීවේය.
ඒ මහතා මේ බව පැවසුවේ ඊයේ (18දා) කුරුණෑගල පැවති ජාතික ජනබලවේගයේ කුරුණෑගල දිස්ත්රික් කාන්තා සමුළුව අමතමිනි.
රටට සිදු වී ඇති විනාශයෙන් රට ගොඩනැගීම සඳහා ඉදිරියට පැමිණිය යුත්තේ කාන්තාවන් බවත්, ඔවුන්ට නායකත්වය ලබාදීමට ජාතික ජනබලවේගය සූදානම් බවත් දිසානායක මහතා ප්රකාශ කළේය.
මෙම රැළිය සඳහා කුරුණෑගල දිස්ත්රික්කයේ කාන්තාවන් විශාල පිරිසක් එක්ව සිටි අතර, ජාතික ජනබලවේගයේ නායිකාවන් ද මීට සහභාගි වී සිටියහ.