ජනාධිපතිවරණය සැප්තැම්බර් 17දාත් ඔක්තෝමිිබර් 17දාත් අතර පැවැත්විය යුතු බවත් එය කල් දැමීමට අවස්ථවක් නොමැති බවත් පාර්ලිමෙන්තු මන්ත්‍රී පාඨලි චම්පික රණවක මහතා පවසයි.
එක්සත් ජනරජ පෙරමුණේ රත්නපුර දිස්ත්‍රික් සමුළුව රත්නපුර නගර ශාලාවේ පැවැති අතර එය අමතමින් ඔහු මේ බව පැවැසීය.
"බැසිල් මහත්තයා හදිසියේම මවි රටෙිි සිට ඇවිදින් මහ මැතිවරණයක් දියවිි කියනවා ජන වරමක් නැතිලු දැන් තමයි තේරෙන්නේ ජනවරම නැහැ කියලා. ජනවරම නැති වුනේ 2022 මැයි 9වන දිනයි. ගෑස් නැතිව තෙල් නැතිව බඩ ගින්නේ මහ පාරට ආපු අහිංසක මිනිසුන්ට ගහලා තමයි ජන වරම නැති කර ගත්තේ.
දැන් ජනවරම ඉල්ලනවා හමිිබන්තොටින් නැවත එන්න බලනවා ඊළඟ ජනාධිපතිවරනයෙන් කාටවත් රාජපක්ෂ පවුලේ අයට නැවත පාර්ලිමේන්තුවට එන්න බැහැ.
දැන් දේශපාලනය ගැන කලකිරිමක් තිබෙනවා ජිිවන බරින් පවුල් මිරිකිලා කන වෙිිල සොයා ගන්න බැරි තත්වයට පත්වෙලා.
දේශපාලනයේ හැමෝම හොරු නෙවෙයි දැන් මතයක් හදලා තිබෙනවා 225 හොරු කියලා හැමෝම හොරු නොවෙයි දුෂිතයින් නොවෙයි මෙිි රට ගොඩ ගන්න කැමති පිරිසක් ඉන්නවා අන්න ඒ පිරිස සමඟ ඉදිරියට යන්න අපි කථා කරගෙන යනවා එකමුතු වෙලා ඒ ශක්තිමත් සාකච්ඡාව අරගෙන යනවා.
වැටිි බද්ද ගහන්නේ නැතිව රටෙිි ආදායම වැඩිකර ගන්න තිබුණේ නැද්ද තිබුණා වැටිි බද්ද වැඩි කිරිමෙන් රජය අපේක්ෂා කරන මුදල කෝටි හැටදාහක් දේශිය ආදායමිි දෙපාර්තමේන්තුවට පොලු තියපු මිනිසුන් පොලු තියලා කෝටි ලක්ෂයකට වැඩියි මෙිිකෙන් 90 දෙනෙක් ඉන්නවා කෝටි 100 කට වැඩිය පොලු තියපු අය.
වංචනික ස්ටිකරය නිසා කෝටි සියයක් සුරාබදු දෙපාර්තමේන්තුවට සොයලා දුන්නා මාසයක් තුල වංචනික මත්පැන් ව්‍යාපාරය නිසා පසුව මොකද වුනේ මාවත් ඒ කමිටුවෙන් අයින් කලා. දැන් ආයෙත් ඒ පරණ ජාවාරම කරගෙන යනවා.
මෙිිරට හදන්න පුළුවන් කංඩායමක් ඉන්නවා පරක්කු වෙන්න වෙන්න ඒ මිනිසුන් රට දාලා යනවා. රට ගොඩනගන වැඩ පිළිවෙලක් අපි ඉදිරිපත් කර තිබෙන.
පසුගිය වසර හතරක කාලය තුල ලක්ෂ 12 ක් විදේශ ගතවෙලා. තවත් ඉදිරියට මෙිි රටෙි වෛද්‍යවරුන් ඉංජිනේරුවන් විශ්ව විද්‍යාල මහචාර්යවරුන් රට ගියාට පසුව මෙිි රටෙිි හදන්න දෙයක් ඉතිරිවන්නේ නැහැ.
ඒ.ජී. වික්‍රමසිංහ