ජනාධිපතිවරණ කාලසීමාව තුළ නීතීවිරෝධි ලෙස සුරාබදු බලපත්‍ර විශාල ප්‍රමාණයක් නිකුත් කර ඇති බවට ඇතැම් පාර්ශව සිදුකරන ප්‍රකාශ සාවාද්‍ය බව සුරාබදු දෙපාර්තමේන්තුව පවසයි.
පසුගිය රජය ගත් ප්‍රතිපත්තිමය තීරණයක් මත පසුගිය වසරේ මැයි මාසයේ සිට මේ දක්වා සුරාබදු බලපත්‍ර 172ක් පමණක් නිකුත් කර ඇති බවත් ඒ් හරහා රුපියල් කෝටි 220කට ආසන්න ආදායමක් උපයා ගැනීමට හැකි වූ බව ද ඒම දෙපාර්තමේන්තුව පෙන්වා දෙයි.
ඒසේම 2023 සහ 2024 වර්ෂවලට අදාළව පවතින හිග බදු එළඹෙන නොවැම්බර් මස 30 වැනිදාට පෙර ගෙවා අවසන් කිරීමට සියලු සමාගම් එකග වී ඇති බවද සුරා බදු දෙපාර්තමේන්තුව පවසයි.