රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමාට නැවත එජාපය හැදිමට අවශ්‍ය නම් කිරිමට තිබුණේ සමගිජනබලවේගය කඩා එජාපය හදන එක බවත් නමුත් ජනාධිපතිතුමා කළේ පොහොට්ටුව කඩා එජාපය ගොඩනැගිමේ කටයුතු සිදුකිරිම බව ශ්‍රිලංකා පොදුජන පෙරමුණේ මහලේකම් නිතිඥ සාගර කාරියවසම් මහතා පවසයි.
ජනාධිපතිතුමා ඉතාම හොදට ශ්‍රි ලංකා පොදුජනපෙරමුණට කළගුණ සැලකුවා. යැයිද සාගර කාරියවසම් මහතා සදහන් කළේය. ශ්‍රිලංකා පොදුජන පෙරමුණේ රත්ගම ආසන බල මණ්ඩල රැස්විමට එක්වෙමින් හෙතෙම මෙසේද කිවේය.
“ජනාධිපතිතුමා ඉතාම හොදට අපිට කළගුණ සැලකුවා. සමගි ජනබලවේගය කඩලා එජාපය හදනවා වෙනුවට පොහොට්ටුවෙ අපේ මන්ත්‍රිවරුන්ට වරදාන වරප්‍රසාද දිලා කඩලා අරගෙන අද එජාපය ගොඩනැගිමේ කාර්යයයේ එතුමා යෙදිලා ඉන්නවා. මේ රටේ ජනතාව අපේ පක්ෂය එක්ක එකතුවුනේ එජාපය ගොඩනගන්න නෙවෙයි.
ඔවුන් පක්ෂය සමග එකතුවුනේ රටේ එකියභාවය ආරක්ෂා කරන්න. රටේ අනාගතය වෙනුවෙන් රටේ හෙට දිනය වෙනුවෙන් අපේ දරුවන්ගේ හෙට දිනය වෙනුවෙන් මේ රට සුරක්ෂිත කරණ බලාපොරොත්තුවෙන් තමයි එකතුවුනේ. ජනතාව ඉන්නේ පොහොට්ටුව සමගයි.. උඩින් ඔලුගෙඩි මාරුවුනාට මහජන නියෝජිතයින් මාරුවුනාට අපේ පාක්ෂිකයින් පක්ෂය අත්හැරගොස් නැහැ.
රටේ ඩොලර් නැති අවස්ථාවේ බැසිල් රාජපක්ෂ මැතිතුමා ඉන්දියාවට ගිහින් මෝදි අගමැතිතුමා සමග සාකච්ඡා කරලා ඩොලර් බිලියන 04ක මුදල් ප්‍රමාණයක් රටට අරන් ආවා. ඒ අවස්ථාවේ තමයි අරගලය දැඩිලෙස උස්සන්න තත්ත්වයට පත්වුනේ. එම අවස්ථාවේ මහින්ද රාජපක්ෂ ඉවත් කරලා රනිල් වික්‍රමසිංහ මහත්තයාට අගමැතිකම දුන්නා. එම අවස්ථාවේ ඔහු පොරොන්දුවුනා ඩොලර් බිලියන 06ක මුදලක් රටට ගෙනවා කියලා.
ඔහු ජනාධිපතිධුරයට පත්වු පසු තෙල් පොලිම්, ගෑස් පොලිස් නැති කළා දු විදුලිය ලබා දුන්නා. ඖෂධ ගෙනවිත් දුන්නා. ඒ සියල්ල කළේ බැසිල් රාජපක්ෂ මහත්තයා ඉන්දියාවෙන් රටට ගෙනාපු ඩොලර් බිලියන 04 මුදල පාවිච්චි කරලා”
ජිනේෂ් නානායක්කාර රවින්ද්රශ්රිලාල්