II වන එලිසබෙත් මහ රැජිනගේ අවමංගල්‍ය උත්සවයට සහභාගී වීම සඳහා එක්සත් රාජධානිය බලා පිටත්ව ගිය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා දිවයිනේ නොමැති කාලසීමාවට අදාළව වැඩ බලන අමාත්‍යවරු පස්දෙනෙක් පත්කර තිබේ.
ඒ අනුව වැඩබලන ආරක්ෂක අමාත්‍යවරයා ලෙස ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන්, වැඩ බලන මුදල් අමාත්‍යවරයා ලෙස රංජිත් සියඹලාපිටිය, වැඩබලන ළමා හා කාන්තා සවිබල ගැන්වීම් අමාත්‍යවරිය ලෙස ගීතා කුමාරසිංහ, වැඩබලන තාක්ෂණ සංවර්ධන අමාත්‍යවරයා ලෙස කනක හේරත් සහ වැඩබලන අයෝජන ප්‍රවර්ධන අමාත්‍යවරයා දිලුම් අමුණුගම පත් කර තිබේ.
ජනාධිපති වික්‍රමසිංහ මහතා එලිසබෙත් මහ රැජිනගේ අවමංගල්‍ය උත්සවයට සහභාගි වීමෙන් අනතුරුව අඟහරුවාදා පෙරවරුවේ යළි දිවයිනට පැමිණීමට නියමිතය.