ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙනුවෙන් අධික වියදමක් යොදා ගසනු ලබන පෝස්ටර් දෙස වේලක් ඇර වේලක් ආහාරය ගන්නා ජනතාව හූල්ලමින් බලා සිටින බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ගයන්ත කරුණාතිලක මහතා පැවසීය.
පිටකෝට්ටේ සමගි ජන බලවේග ප්‍රධාන කාර්යාලයේ අද (05දා) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් හෙතෙම මේ බව සඳහන් කළේය.
එහිදී වැඩිදුරටත් පාර්ලිමේන්තු මන්ත්‍රී ගයන්ත කරුණාතිලක මහතා මෙලෙස අදහස් දක්වා සිටියේය.
“දැන් පෝස්ටර් ගහලා තියෙනවා ජනාධිපති රනිල් තමයි කියලා. අපි දැක්කා ජනතාව ප්‍රතිචාර දක්වන විදිය. සමහර තැන්වල ජනාධිපති රනිල් තමයි කියන පෝස්ටර්වලට යටින් මහජනයා ලියලා තියෙනවා 21වැනිදා වෙනකන් විතරයි කියලා. දිනපතාම දැවැන්ත මුදල් කන්දරාවක් යොදාගෙන මාගල් වගේ පෝස්ටර් අසීමිත වියදමක් දරලා තාප්පවල ප්‍රදර්ශනය කරනවා. වේලක් ඇර වේලක් කන ජනතාව බදු බරින්, ජීවන බරින් මිරිකෙමින් සිටින ජනතාව හූල්ලමින් ඒ දිහා බලාගෙන ඉන්නවා.
රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා විවිධ මැතිවරණවලදී විවිධ දේවල් කතා කරනවා. අපිත් කළත් එතුමා සමග ඒ මැතිවරණ ව්‍යාපාරවල හිටියා. විවිධ දර්ශන එතුමා පෙන්නනවා. විටෙක ෆ්‍රී වයිෆයි ගැන කතා කරනවා. තවත් විටෙක බ්‍රේස්ලට් දෙන්න කතා කරනවා. අපිට මතකයි මෑත කාලයේ තිබුණු මැතිවරණයකදී සෑම පවුලකටම පුංචි කාර් එකක් ලැබෙන විදිය එතුමා කතා කළා. අද එතන ඉඳලා සහල් කිලෝ 20 දක්වා එතුමා පල්ලම් බැසීම ගැන අපි ඇත්ත වශයෙන්ම කනගාටු වෙනවා.”