තමන් දේශාපාලනයට පිවිසිමට අකමැති නිසා ජනාධිපතිතුමාගේ ඉල්ලිමක් මත තම සහෝදරයාව ජනතාවට සේවය කිරිම සදහා දේශපාලනයට යොමු කල බව හිටපු ක්‍රිකට් ක්‍රිඩක මුත්තයියා මුරලිදරන් මහතා පැවසිය.
මුත්තයියා මුරලිදරන් මහතා එ බැව් කියාසිටියේ නුවරඑළිය දිස්ත්‍රික්කයෙන් ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ යටතේ තරග කරන මුත්තයියා මුරලිදරන් මහතාගේ සහොදරයා වන මුත්තයියා ප්රභාකරන් මහතාගේ මස්කෙළිය ප්‍රදේශයේ ඊයේ (01) දින පැවති මැතිවරණ ප්රචාරක රැස්විමකට එක් වෙමිණි.
මෙම රැස්විමේදි වැඩිදුරටත් අදහස් දැක් වු මුත්තයියා මුරලිදරන් ,
මම ඇත්තටම දේශපාලනයට කැමති නැ , අපේ පවුලේ කවුරුත් හිතුවේ මගේ සහෝදරයා දේශපාලනයට එයි කියලා. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති වෙන්න කලින් මට ඉල්ලිමක් කරා වියත් මගට ඇවිල්ලා මට වැඩ කරන්න පුළුවන් කියලා. මම ඒක හරි සන්තොසෙන් පිළිගත්තා.
ගෝඨාභය රාජපක්ෂ වැඩ කරන නායකයෙක් , වැඩ කරන්න පුළුවන් නායකයෙක් , එ නිසා මම ජනතාව අතර ගිහිල්ලා ගෝඨාභය රාජපක්ෂ මහතා දිනවන්න කටයුතු කලා. ඊට පස්සේ මැතිවරණය ඉවර වෙලා ජනාධිපතිවරයා මට කතා කරලා තියෙනවා , මුරලි ඔයාට හොදට වැඩ කරන්න පුළුවන් එ නිසා උතුරේ ආණ්ඩුකාර ධුරය ගන්න කියලා.
මම එතුමාට කිව්වා සර් මට ඇත්තටම දේශපාලනය තේරෙන්නේ , මම ක්‍රිඩකයෙක් ,මම මිනිස්සුන්ට උදවු කරන්න තමයි කැමති. ඒ නිසා මම දේශපාලනය කරන්න කැමති නැ. මාත් එක්ක තරහා වෙන්න එපා කියලා.
එතුමා ඊට පස්සේ හිනාවෙලා කිව්වා කමක් නැ එහෙනම් මම වෙන පුද්ගලයෙක් දාන්නම් කියලා.
මාස දෙකකට පස්සේ ආයෙත් කතා කරලා කිව්වා මට උදවුවක් වශයෙන් මේ පාර මැතිවරණයට තරග කරන්න කියලා. මම කිව්වා සර් මම කොහොමත් දේශපාලනයට කැමති නැ කියලා .
ඊට පස්සේ සර් කිව්වා ඔයාලා වගේ කට්ටය මාත් එක්ක වැඩ කරේ නැත්තම් මේ රට ගොඩගන්න බැ කියලා .මම කිව්වා එහෙනම් සර් මම මගේ බාල සහොදරයා ඉදිරිපත් කරන්නම් , එයා දක්ෂයි , මම එයාගේ පිටිපස්සෙන් ඉදන් උදවු කරන්නම් කියලා.
එ නිසා තමයි මගේ මල්ලි දේශපාලනයට ඇවිල්ලා තියෙන්නේ . අපිට දේශපාලනය එන්න උවමනාවක් නැ .සල්ලි තියෙනවා , කොම්පැනිස් තියෙනවා , ඕන රටට පිළිගන්න නමක් හදාගෙන තියෙනවා.
ගොඩාක් අය දේශපාලනයට එන්නේ නම හදා ගන්නත් , සල්ලි හම්බ කරන්නත්. අපිට ඒ දෙකම අවශ්‍ය නැ. අපිට ඕනි ජනතාවට සේවය කරන්න කොහොම හරි.
මගේ පදනමින් කරන්නේ මේ ජනතාවගේ ජිවන තත්ත්වය ඉහල දාන්න කටයුතු කරන්න . කාන්තාවන්ට ස්වයං කර්මාන්ත සිදු කරන්න පුරුදු කරනවා. දිස්ත්‍රික්ක 16 ක ක්‍රියාත්මකයි. අවුරුදු 22 ඒක කරගෙන යනවා ලක්ෂ තුනක් පමණ මිනිස්සු එකෙන් ප්රතිලාභ ලබනවා අවුරුද්දකට.
හැබැයි අපිට නුවරඑළියේ එහෙම එකක් ආරම්භ කරන්න දේශපාලඥයින් ඉඩ දුන්නේ නැ. ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ආණ්ඩුවක් එන්න තියෙන්නේ , එයාලා කිසිම බාධාවක් කරන්නේ නැති වෙයි ගිය ආණ්ඩුව වගේ. නුවරඑළිය දිස්ත්‍රික්කයේ පදනම් කාර්යාල 6ක් මම ඉදි කරනවා.
එ නිසා මුලින්ම පොහොට්ටුව දිනවන්න . අනිවාර්යෙන්ම පොහොට්ටුව තමයි දිනන්නේ. එකේ පංගුවක් වුණොත් අපිටත් මේ පලාතට විශාල දෙවල් ලබා ගන්න පුළුවන්.
එ නිසා මගේ සහොදරයා ප්රභුවත් දිනවලා , පොහොට්ටුවත් නුවරඑලියෙන් දිනවා අපි ඉදිරියට යමු යනුවෙන් පැවසිය .
VIDEO